පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-05-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) කම්කරු අමාත්‍යාංශය විසින් ලේකම්වරයාගේ භාවිතය සඳහා මාසික කුලී පදනම මත වාහනයක් ලබාගෙන නොමැත.
එසේ වුවද, ලේකම්වරයාට රාජකාරි කටයුතු සඳහා නිල වාහනයක් නොමැති වාතාවරණයක එතුමා කලින් ලේකම් ධුරය හෙබවූ කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නිල රාජකාරි සඳහා භාවිත කළ WP CAV 9584 අංක දරන ටොයොටා ලෑන්ඩ් කෘෂර් -Toyota Land Cruiser - ජීප් රථය කම්කරු අමාත්‍යාංශය වෙත 2020 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පවරා දී ඇත.
(ආ) (i) පැන නොනඟී.
ඉහතින් සඳහන් කළ පරිදි පවරා දී ඇති මෙම ජීප් රථය යහ පාලන රජය සමයේ එනම් 2018 වර්ෂයේ එවකට සිටි මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම් අනුව "මාසික කුලී ගෙවීමේ පදනම මත රජයේ වාහන ලබා ගැනීමට" හඳුන්වා දුන් ජාතික අයවැය චක්‍රලේඛ අංක 01/2016 (i) හි සඳහන් සීමාවන්ට යටත්ව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2018 ඔක්තෝබර් 22 දින "මෙහෙයුම් කල්බදු ක්‍රමය" යටතේ වසර 05ක කාලයකට රාජගිරිය ටුවර්ස් සහ ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගම වෙතින් රුපියල් 425,000/- (වැට් රහිත) මාසික බදු මුදලක් ගෙවීමේ පදනම මත ලබාගෙන ඇත.
මෙසේ මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රජයේ අවශ්‍යතා සඳහා වාහන ලබා ගැනීමේදී වසර 05ක ගිවිසුමක් අත්සන් තබන අතර එම ගිවිසුමේ කොන්දේසි කඩ නොකර පවත්වාගෙන යා යුතු බව එහි දැක්වේ. (එම ගිවිසුමෙහි පිටපත්* මේ සමඟ අමුණා ඇත.)
එසේම, රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීමේදී පෙර පැවති ක්‍රමවලට වඩා මෙම මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීම පිරිවැය අතින් වඩා ප්‍රතිඵලදායක බව පවසමින් එවකට යහ පාලන රජයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කළ මෙම වාහන ලබා ගැනීම පිළිබඳව මෙවන් ප්‍රශ්නයක් යොමු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන අතර, එමඟින් මෙම වාහනය ලබා ගැනීම සම්බන්ධව සත්‍ය තොරතුරු ජනතාවට දැන ගැනීමට අවස්ථාව ලැබී ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(v) පැන නොනඟී.
(ඇ) ඉහතින් සඳහන් කළ පරිදි මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් මෙම ජීප් රථය සම්බන්ධයෙන් බදු ගිවිසුම වසර 05ක් යනතුරු අවලංගු කළ නොහැකි බැවින් එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා අන්තර්ජාතික වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමත් සමඟ මෙම ජීප් රථය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශය වෙත පවරා දී ඇත. තවද, එම ජීප් රථය පවරා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබා දී ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අන්තර්ජාතික වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට මෙම ජීප් රථය පවරා දීමේදී අමාත්‍යාංශ නාමය වෙනස් වීම මත ගිවිසුම සංශෝධනය කර ඇති නමුත්, එහිදී පෙර කී ගිවිසුම් කොන්දේසි කිසිවක් වෙනස් කිරීමක් සිදු කළ නොහැකි බැවින් මාසික කුලිය ගෙවීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශයේ නම පමණක් සංශෝධනය කර තිබිණි.
2019 ජනාධිපතිවරණයෙන් පසු අමාත්‍යාංශ විෂය පථය සංශෝධනය වීම මත ඉහතින් සඳහන් කළ අමාත්‍යාංශයේ නාමය කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වශයෙන් නම් කිරීම අනුව එහි ලේකම්වරයාගේ රාජකාරි ගමන් සඳහා මෙම ජීප් රථය වෙන් කළ ද මෙම ජීප් රථය සඳහා මාසිකව රුපියල් 425,000/-ක් සහ සියයට 15 වැට් බදු මුදලක් ද ඇතුළුව රුපියල් 488,750/-ක බදු කුලියක් ගෙවා ඇති බව අනාවරණය වීම හේතුවෙන්, මෙම වාහනය භාවිත කිරීම ආර්ථික වශයෙන් ඵලදායි නොවන බව පෙන්වා දෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍යාංශයේ වාහන ඇණියේ පවතින WP KY 7723 දරන ටොයොටා ජීප් රථය කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීමට වාචික එකඟතාව ලැබී ඇති බව දන්වමින් WP CAV 9584 අංක දරන ටොයොටා ජීප් රථය ඉවත් කර අංක WP KY 7723 දරන ටොයොටා ජීප් රථය ලබා දීමට කටයුතු කරන මෙන් එවකට කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වන වත්මන් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියකින් කොම්ප්ට්‍රොලර් ජෙනරාල්වරිය වෙත දන්වා ඇත. (පිටපත* අමුණා ඇත.)
ඊට පිළිතුරු ලෙස කොම්ප්ට්‍රොලර් ජෙනරාල්වරිය ජීප් රථයේ හිමිකාරිත්වය සමඟ එළඹ ඇති ගිවිසුම අවසන් වන දිනය හා එම ගිවිසුම් අවසන් කිරීමට ගෙවීමට ඇති මුදල් සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී තිබිණි. (පිටපත* අමුණා ඇත.)
ඊට අදාළ තොරතුරු කොම්ප්ට්‍රොලර් ජෙනරාල්වරිය වෙත යොමු කරනු ලැබුවද නිසි පිළිතුරක් නොලැබුණු බැවින් හා පෙර පැවැති ගිවිසුම් අවලංගු කළ නොහැකි බැවින් හා වෙනත් විකල්පයක් නොමැති බැවින් එම ජීප් රථය එතුමා විසින් තම නිල රථය වශයෙන් රාජකාරි කටයුතු සඳහා භාවිත කර ඇත.
කම්කරු අමාත්‍යාංශයේ පෙර සිටි ලේකම්වරයා රාජකාරි කටයුතු සඳහා භාවිත කරනු ලැබූ නිල රථය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සතු රථයක් වූ බැවින් වත්මන් ලේකම්වරයා පැමිණීමට පෙර එම ජීප් රථය එම අමාත්‍යාංශය විසින් රැගෙන ගොස් තිබුණි. එබැවින්, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට රාජකාරි සඳහා සුදුසු නිල වාහනයක් නොවූයෙන් කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන් කර තිබූ නිල රථය වන WP CAV 9584 අංක දරන ජීප් රථය එම අමාත්‍යාංශයේ එකඟතාව මත කම්කරු අමාත්‍යාංශය වෙත පවරා දී ඇත. ඒ අනුව, වෙනත් අමාත්‍යාංශයක නමින් වූ වාහනයක් පාවිච්චි කළ ද ඒ සඳහා කුලී ගෙවීමේදී කම්කරු අමාත්‍යාංශය නමින් වූ වාහනයක ගෙවීම සනාථ කිරීම සඳහා එම වාහනය පවරා ගැනීම සඳහා අමාත්‍යාංශයේ නාමය පමණක් සංශෝධනය කරමින් මුල් කොන්දේසිවලට අනුකූලව ගිවිසුම්ගත වන ලෙස වාහනය ලබා දී තිබූ ආයතනය දන්වා තිබූ බැවින්, එම රථයේ හිමිකාරිත්වය දරන රාජගිරිය ටුවර්ස් සහ ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික ආයතනයත් සමඟ කම්කරු අමාත්‍යාංශයේ අරමුදල් නීත්‍යනුකූලව ගෙවීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශයේ නාමය පමණක් සංශෝධනය කර ඇති අතර එහිදී පෙර ගිවිසුමේ කොන්දේසි මෙන්ම ගිවිසුම අවසාන වන දින වකවානු කිසිවක් සංශෝධනය කර නොමැතිව ගිවිසුම යාවත්කාලීන කර ඇත. එබැවින්, ඔබතුමිය විසින් විමසා ඇති පරිදි නාස්තිකාර ගිවිසුම්වලට කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා එළඹ නොමැති බැවින් ඔබතුමියගේ ප්‍රශ්නයේ යොමු ගත කරුණු මීට අදාළ කරගත නොහැකි බව දන්වමි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-08-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks