පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
782/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2011 සිට 2013 දක්වා වූ කාලය තුළ මුසලි ප්‍රදේශයේ පිහිටි කුඩා වැව් ප්‍රතිසංස්කරණය කළ බව එතුමා දන්නේද; (ii) එසේ නම්, එම කාලය තුළ ප්‍රතිසංස්කරණය කළ වැව් සංඛ්‍යාව කොපමණද; (iii) එම වැව්වල නම් කවරේද; (iv) එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජනය කළ මුළු මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) වර්ෂ 2014 සිට 2015 දක්වා වූ කාලය තුළ ප්‍රතිසංස්කරණය කළ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැව් සංඛ්‍යාව කොපමණද; (ii) එම වැව්වල නම් කවරේද; (iii) එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජනය කළ මුළු මුදල කොපමණද; (iv) ඉහත කාලය තුළ මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ආයතනය කවරේද; (v) එම ආයතනය තෝරා ගනු ලැබූ ක්‍රමවේදය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-05
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ප්‍රතිසංස්කරණය කළ වැව් ගණන 17කි.
(iii) 01. චෝනඩිකුලම්
02. චප්පන්කුලම්
03. පනික්කර්පෙත්තම්
04. ආවනක්කරප්පම්
05. පාලේඩ්ඩිකුලම්
06. සායිබුකුලම්
07. කල්ලිඅඩවචෙයිකුලම්
08. කොඩාරික්කුලම්
09. මරක්කායිකුලම්
10. කොක්කුපඩයන්
11. සඩෙයප්පන්කුලම්
12. තාන්ඩිකුලම්
13. ආලන්කුලම්
14. මරදමඩු
15. මනල්කුලම්
16. පුලියන්කුලම්
17. අර්තිකුලි
(iv) රුපියල් මිලියන 149ක මුදලකි.
(ආ) (i) ප්‍රතිසංස්කරණය කළ වැව් ගණන 03කි.
(ii) 01. කුරමොඩලෙයි
02. මරුඩුකඩඩයි
03. පාලයිකුලි
(iii) රුපියල් මිලියන 11.325ක මුදලකි.
(iv) දෙපාර්තමේන්තු යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් හා පහත සඳහන් සැපයුම්කරුවන්ගෙන් කුලී පදනම මත ලබාගත් යන්ත්‍රෝපකරණ භාවිත කරමින් ඍජු කොන්ත්‍රාත් ක්‍රමය (දෙපාර්තමේන්තු ශ්‍රමය යොදාගැනීම) මඟින් සිදු කර ඇත.
1. Metro Marketing
2. Sunil Jayasinghe & Sons
3. T.D. Premadasa Enterprises (Pvt.) Ltd.
4. Lasara Heavy Machine Suppliers
5. Thusitha Engineering Construction
6. Gamodh Construction
7. Jayarathna Construction
(v) ඉහත (iv) ප්‍රශ්නය සඳහා මා විසින් ලබා දුන් පිළිතුරට අනුව අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks