පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
781/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2005 සිට 2015 දක්වා එවකට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය වෙත පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් විවිධ රටවලින් සහ ආයතනවලින් ලැබුණු හා මිලදී ගත් වාහන වර්ග, ඒවායේ ලියාපදිංචි අංක සහ ඒවා භාවිතය සඳහා ලබා දෙන ලද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙන් වෙන් වශයෙන්; (ii) එම වාහනවල වත්මන් ක්‍රියාකාරීත්වය; (iii) මේ වනවිට එම වාහන භාවිතා කරනු ලබන ආයතන; (iv) මේ වනවිට තලෙයිමන්නාරම පොලිසියේ රඳවා ගෙන ඇති WP RB - 2639 ලියාපදිංචි අංකය දරන ට්‍රැක්ටර් රථය භාවිතා කරන ලද අමාත්‍යාංශය හා එහි අදාළ අංශය; කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) වර්ෂ 2009 සිට 2012 දක්වා මැණික් ෆාම් අතරමැදි කඳවුරෙහි භාවිතා කළ වාහනවල වර්ග හා ලියාපදිංචි අංක; (ii) මේ වනවිට එම වාහන භාවිතා කරනු ලබන ආයතනය හා ස්ථානය; වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-03
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2005 සිට 2015 දක්වා එවකට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය වෙත පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් විවිධ රටවලින් සහ ආයතනවලින් ලැබුණු හා මිලදී ගත් වාහන වර්ග, ඒවායේ ලියාපදිංචි අංක සහ ඒවා භාවිතය සඳහා ලබා දෙන ලද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙන් වෙන් වශයෙන් සඳහන් වන දීර්ඝ පිළිතුරක් තිබෙනවා. එහි සාරාංශය පහත වගුවේ දැක්වෙනවා.
වාහන සාරාංශය
|
අනු අංකය |
වාහන මාදිලිය |
වාහන ප්‍රමාණය |
ඉදිරිපත් කර ඇති අනුපිළිවෙළ |
|
01 |
ජීප් |
34 |
අංක 1 සිට 34 දක්වා |
|
02 |
කාර් |
24 |
අංක 35 සිට 58 දක්වා |
|
03 |
ඩබල් කැබ් |
23 |
අංක 59 සිට 81 දක්වා |
|
04 |
වෑන් |
03 |
අංක 82 සිට 84 දක්වා |
|
05 |
ගිලන් රථ |
01 |
අංක 85 දක්වා |
|
06 |
යතුරු පැදි |
12 |
අංක 86 සිට 97 දක්වා |
|
07 |
ලොරි |
19 |
අංක 98 සිට 116 දක්වා |
|
08 |
ට්‍රැක්ටර් |
45 |
අංක 117 සිට 161 දක්වා |
|
09 |
ට්‍රේලර් |
28 |
අංක 162 සිට 189 දක්වා |
|
10 |
ට්‍රේලර් බවුසර් |
15 |
අංක 190 සිට 204 දක්වා |
|
11 |
වතුර බවුසර් |
02 |
අංක 205 සිට 206 දක්වා |
|
12 |
ගලි බවුසර් |
15 |
අංක 207 සිට 221 දක්වා |
|
13 |
බැකෝ ලෝඩර් |
02 |
අංක 222 සිට 223 දක්වා |
|
14 |
මිනි ට්‍රක් |
05 |
අංක 224 සිට 228 දක්වා |
|
15 |
එක්ස්කැවේටර් |
02 |
අංක 229 සිට 230 දක්වා |
|
16 |
මෝටර් ග්‍රේඩර් |
02 |
අංක 231 සිට 232 දක්වා |
|
|
එකතුව |
232 |
|
ඉහත වගුවට අදාළ සියලු විස්තර ඇතුළත් පිටු 09කින් යුත් ලේඛනය මා සභාගත* කරනවා.
(ii), (iii) ප්‍රශ්නයේ මෙම කොටස් දෙක සඳහා පිළිතුරු ඉදිරිපත් කර ඇති ආකාරය පිළිබඳ සාරාංශය පහත වගුවෙහි දැක්වෙනවා.
වාහන සාරාංශය
|
අනු අංකය |
වාහන මාදිලිය |
වාහන ප්‍රමාණය |
ඉදිරිපත් කර ඇති අනුපිළිවෙළ |
|
01 |
ජීප් |
34 |
අංක 1 සිට 34 දක්වා |
|
02 |
කාර් |
24 |
අංක 35 සිට 58 දක්වා |
|
03 |
ඩබල් කැබ් |
23 |
අංක 59 සිට 81 දක්වා |
|
04 |
වෑන් |
03 |
අංක 82 සිට 84 දක්වා |
|
05 |
ගිලන් රථ |
01 |
අංක 85 දක්වා |
|
06 |
යතුරු පැදි |
12 |
අංක 86 සිට 97 දක්වා |
|
07 |
ලොරි |
19 |
අංක 98 සිට 116 දක්වා |
|
08 |
ට්‍රැක්ටර් |
45 |
අංක 117 සට 161 දක්වා |
|
අනු අංකය |
වාහන මාදිලිය |
වාහන ප්‍රමාණය |
ඉදිරිපත් කර ඇති අනුපිළිවෙළ |
|
09 |
ට්‍රේලර් |
28 |
අංක 162 සිට 189 දක්වා |
|
10 |
ට්‍රේලර් බවුසර් |
15 |
අංක 190 සිට 204 දක්වා |
|
11 |
වතුර බවුසර් |
02 |
අංක 205 සිට 206 දක්වා |
|
12 |
ගලි බවුසර් |
15 |
අංක 207 සිට 221 දක්වා |
|
13 |
බැකෝ ලෝඩර් |
02 |
අංක 222 සිට 223 දක්වා |
|
14 |
මිනි ට්‍රක් |
05 |
අංක 224 සිට 228 දක්වා |
|
15 |
එක්ස්කැවේටර් |
02 |
අංක 229 සිට 230 දක්වා |
|
16 |
මෝටර් ග්‍රේඩර් |
02 |
අංක 231 සිට 232 දක්වා |
|
|
එකතුව |
232 |
|
ඉහත වගුවට අදාළ සියලු විස්තර ඇතුළත් පිටු 27කින් යුත් ලේඛනය මා සභාගත* කරනවා.
(iv) අංක WP RB-2639 දරන ට්‍රැක්ටර් රථය 2009 වර්ෂයේ එවකට පැවති නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශය විසින් මිලට ගෙන මැණික්ෆාම් කඳවුරෙහි සුබසාධන කටයුතු සඳහා ලබා දී ඇති අතර, මේ වන විට එම රථය මන්නාරම ප්‍රාදේශීය සභාව භාරයේ පවතී.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එම ට්‍රැක්ටර් රථය නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය යටතේ තවම තිබෙන බවටයි දැනුවත් කර තිබෙන්නේ. එහි ලියාපදිංචි අයිතිය අමාත්‍යාංශයට තබා ගෙන එය භාවිත කිරීම සඳහා මන්නාරම ප්‍රාදේශීය සභාවට නිදහස් කර තිබෙනවා.
(ආ) (i), (ii) 2009 සිට 2012 දක්වා එවකට පැවති නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශය විසින් මැණික්ෆාම් අතරමැදි කඳවුර වෙත ලබාදී ඇති වාහන පිළිබඳ විස්තර පහත දක්වා තිබෙනවා.
|
අනු අංකය |
වාහන මාදිලිය |
වාහන ප්‍රමාණය |
ඉදිරිපත් කර ඇති අනුපිළිවෙළ |
|
01 |
ජීප් |
12 |
අංක 1 සිට 12 දක්වා |
|
02 |
යතුරු පැදි |
10 |
අංක 13 සිට 22 දක්වා |
|
03 |
ට්‍රැක්ටර් |
30 |
අංක 23 සිට 52 දක්වා |
|
04 |
ට්‍රේලර් |
18 |
අංක 53 සිට 70 දක්වා |
|
05 |
ට්‍රේලර් බවුසර් |
15 |
අංක 71 සිට 85 දක්වා |
|
06 |
වතුර බවුසර් |
02 |
අංක 86 සිට 87 දක්වා |
|
07 |
ගලි බවුසර් |
15 |
අංක 88 සිට 102 දක්වා |
|
08 |
මිනි ට්‍රක් |
05 |
අංක 103 සට 107 දක්වා |
|
එකතුව |
107 |
||
ඉහත වගුවට අදාළ සියලු විස්තර ඇතුළත් පිටු 05කින් යුත් ලේඛනය මා සභාගත* කරනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks