පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
776/2020 ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නාරංගල්ල වතුයායට අයත් ඉඩමක පසුගිය රජය සමයේ තාක්ෂණ පීඨයක් ආරම්භ කිරීමට මුල්ගල තැබූ බවත්; (ii) මෙම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමට මුල්ගල තැබූ ඉඩම මේ වනවිට වල් බිහි වී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) එම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ කවරේද; (ii) තාක්ෂණ පීඨය මේ වනතෙක් ආරම්භ නොකිරීමට හේතු කවරේද; (iii) එම මුල්ගල තැබීමේ උත්සවය සඳහා වැයකළ මුදල කොපමණද; (iv) මේ සඳහා වෙන්කළ ඉඩම මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමක් සිදු කර ඇත්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-04
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතව තිබූ තාක්ෂණ විද්‍යාපීඨය සඳහා මුල්ගල තබා තිබුණ ද, එහි ඉදි කිරීම් කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත.
(ආ) (i) · පාසල් පද්ධතියට නව තාක්ෂණික දැනුම හා යහපත් ආකල්පවලින් පිරිපුන් වගකිව යුතු ගුරු පිරිසක් දායාද කිරීම.
· අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) පන්තිවල තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ගේ ඌනතාව අවම කිරීම.
· අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට තාක්ෂණ විෂය ගුරු ශික්ෂණලාභින් ලෙස උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම.
· වර්තමානයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ට තම වෘත්තීය සංවර්ධනය සඳහා සේවාස්ථ ගුරු පුහුණුව ලබා දීම.
(ii) "තාක්ෂණ පීඨය මේ වනතෙක් ආරම්භ නොකිරීමට හේතු කවරේද?" කියන එක තමයි මෙම ප්‍රශ්නයේ වැදගත් කොටස.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට යෝජිත බැවින් ද තාක්ෂණවේදය විෂය ධාරාව සඳහා ක්‍රියාත්මක වන එකම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මෙය වන බැවින් ද, පහසුවෙන් ළඟා විය හැකි හා භෞතික පහසුකම් පහසුවෙන් සපයාගත හැකි කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රීය ස්ථානයක මෙය ස්ථානගත කළ යුතු නිසා.
(iii) රුපියල් 1,161,160.00කි. (රුපියල් එකොළොස්ලක්ෂ හැටඑක්දහස් එකසියහැටකි.)
(iv) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks