E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0774/2021: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්: මූලික පහසුකම්

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින් ගුරු හිඟය පවතින, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් ප්‍රමාණවත් තරම් නොමැති පාසල් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇමුණුම 01 යටතේ දක්වා ඇත.

              (ii)      ඔව්.

                        එම පාසල්වල නම් ඇමුණුම අංක 02 යටතේ දක්වා ඇත.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

 

(ආ) (i) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි පාසල්වල වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ 2020 වර්ෂයේදී පාසල් 11ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දී ඇති අතර, එම වැඩසටහන මේ වන විට අවසන්ව ඇත. ඒ සඳහා වියදම් කළ මුදල රු.7,436,000.00කි. (රුපියල් හැත්තෑහතරලක්ෂ තිස්හයදහසකි.) එම පාසල් 11 පහත සඳහන් පරිදි වේ.

01. ගල්ඔය හන්දිය කනිෂ්ඨ විද්‍යාලය, ගල්ඔය හන්දිය.

02. තෝපාවැව මහා විද්‍යාලය, පොළොන්නරුව.

03. සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලය, පලුගස්දමන, පොළොන්නරුව.

04. කලහගල ප්‍රාථමික විද්‍යාලය, කලහගල, පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුව.

05. විජයපරාක්‍රම කනිෂ්ට විද්‍යාලය, බඳනාගල, කලුකැලේ, පොළොන්නරුව.

06. පෑලටියාව කනිෂ්ඨ විද්‍යාලය, පෑලටියාව, පොළොන්නරුව.

07. සෙවනපිටිය මහා විද්‍යාලය, සෙවනපිටිය.

08. ගල්මුල්ල කනිෂ්ඨ විද්‍යාලය, ගල්මුල්ල, බකමූණ.

09. බකමූණ මහසෙන් ප්‍රාථමික විද්‍යාලය, බකමූණ.

10. සිරිපුර මධ්‍ය විද්‍යාලය, සිරිපුර, පොළොන්නරුව.

11. බිසෝබණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, බිසෝබණ්ඩාර, මැදිරිගිරිය.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම් අඩු පාඩුකම් සහිත පාසල් සඳහා CERC ව්‍යාපෘතිය මඟින් සංවර්ධනය කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇත.

ජාතික පාසල්වලට අදාළ ගුරු පුරප්පාඩු 2021 වර්ෂය සඳහා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් හා නව උපාධිධාරින් ගුරු භවතුන් ලෙස බඳවා ගැනීමේදී සම්පූර්ණ කිරීමට නියමිතය. එසේම ඉදිරියේදී ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර ගුරු තුලනයක් කිරීමටද නියමිත අතර, එමඟින් මෙම පාසල්වල ගුරු ඌනතා සම්පූර්ණ කිරීමට නියමිතය.

(ii) ප්‍රතිපාදන වෙන් වන ආකාරය හා කාලය අනුව ප්‍රමුඛතාව මත ක්‍රමක්‍රමයෙන් අදාළ අඩුපාඩු ඉදිරියේදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks