01

E   |     |  

 දිනය: 2021-01-22   පිළිතුර ලබා දී ඇත 

0773/2021: ජාත්‍යන්තර පාසල්: නියාමනය

----

අසන ලද දිනය

2021-01-22

අසන ලද්දේ

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නියාමනය නොවන හෙයින් මේ පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැත. 

                        මොකද, මේ පාසල් අපේ අධීක්ෂණයට යටත් වන්නේ නැහැ. ලැබී ඇති තොරතුරු අනුව පාසල් 393ක් පවතී.

              (ii)       1961 අංක 08 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තිය මඟින් වයස අවුරුදු 5-14 වයසේ පසුවන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් ආරම්භ කිරීමට පෞද්ගලික අංශයට නොහැකි බවට විධිවිධානයක් පනවා ඇත.

එබැවින් ජාත්‍යන්තර පාසල් ආයෝජන මණ්ඩලය/සමාගම් පනත යටතේ සමාගම් වශයෙන් හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ තනි පුද්ගල/හවුල් ව්‍යාපාර වශයෙන් පෞද්ගලික පාසල් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අතර, ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වූ ආයතන නොවේ.

මෙම තත්ත්වය හේතු කරගෙන ජාත්‍යන්තර පාසල් පිහිටුවීමේදී ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අයකිරීම හා වෙනත් කටයුතුවලදී ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාවක් නැත.

(ආ) 1961 අංක 08 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තිය අනුව පෞද්ගලික පාර්ශ්වයන්ට පාසල් ආරම්භ කිරීමේ නීතිමය බාධාවක් පවතී. එබැවින් කිසිදු ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබා දී නැත.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks