පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-20
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) මේ වනවිට දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සැකකරුවන් 5 දෙනෙකු පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද සැකකරුවන් 70 දෙනෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ද රඳවාගෙන විමර්ශන සිදු කරනු ලබයි.
මෙසේ 2019.04.21 වන දින සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම තුළින් එයට සම්බන්ධිත ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇත.
(ආ) (i) විමර්ශන සඳහා භාරයට ගත් සංඛ්‍යාව;
|
කාල සීමාව |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව |
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය |
|
2019.04.21 දින සිට 2019.11.16 දින දක්වා |
88 |
98 |
|
2019.11.17 දින සිට මේ දක්වා |
24 |
77 |
(ii) රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ කරමින් රඳවා තබාගෙන සිටින සංඛ්‍යාව;
|
කාල සීමාව |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව |
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය |
|
2019.04.21 දින සිට 2019.11.16 දින දක්වා |
නැත |
04 |
|
2019.11.17 දින සිට මේ දක්වා |
05 |
65 |
(iii) දෙකකි.
තවද, මනුෂ්‍ය ඝාතන හා ඊට අදාළ අනුබල දීමේ චෝදනා යටතේ පුද්ගලයන් තිස්දෙනෙකු සම්බන්ධයෙන් නඩු විභාග අටකට අදාළව උදෘත ගොනු නීතිපති උපදෙස් පතා යොමුකර ඇත.
(ඇ) (i) නිදහස් කොට, ඇප ලබාදී හෝ නිදොස් කොට ඇති ගණන;
|
|
නිදහස් කොට ඇති ගණන |
ඇප පිට නිදහස් කොට ඇති ගණන |
නිදොස් කොට ඇති ගණන |
|
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව |
44 |
03 |
නැත |
|
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය |
03 |
04 |
26 |
(ii) ඔව්.
(iii) සුළු චෝදනා මත කිසිවෙකුත් මේ වන විට රඳවාගෙන නොමැත. දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් වූ වහාම ගරු අධිකරණය වෙත අධිකරණ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks