පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-19
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) "අර්ධ රාජ්‍ය පාසල්" ලෙස පෞද්ගලික පාසල් වර්ගයක් නොමැත. රජයේ අනුමත පෞද්ගලික පාසල් යනු 1960 අංක 05 හා 1961 අංක 08 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල පනත්වල විධිවිධානවලට අනුව පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ දී පවරා නොගත් හා රජයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ ම පවත්වා ගෙන යන පාසල් වේ.
මෙම පාසල්වලින් බහුතරයක් සිසුන්ගෙන් මුදල් අයකරගෙන පවත්වාගෙන යනු ලබයි. අසල්වැසි හෝ අඩු පහසුකම් සහිත සිසුන් ඇතුළත් කර ගැනීම එම පාසල්වල අරමුණක් නොවේ.
(ආ) (i) "අර්ධ රාජ්‍ය පාසල්" ලෙස පාසල් වර්ගයක් නොමැත. එහෙත් උක්ත (අ) ප්‍රශ්නයේ පිළිතුර අනුව පහත පරිදි පිළිතුර සපයමි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින රජයේ අනුමත ආධාර ලබන පෞද්ගලික පාසල් හා රජයේ අනුමත ආධාර නොලබන පෞද්ගලික පාසල් ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ii) පෞද්ගලික පාසල් ආගමික හෝ ආගමික නොවන ලෙස වර්ගීකරණය කර නැත.
(iii) සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීම පාසල් කළමනාකරණය මඟින් තීරණය කරනු ලබන නිර්ණායක මත සිදු වේ.
(iv) කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රජයේ අනුමත පෞද්ගලික පාසල් අතරින් 11ක පමණ ප්‍රාථමික පන්තිවල ඉංග්‍රීසි ප්‍රමුඛ කොටගත් ද්විභාෂා පන්ති පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇත.
(v) එවැනි කෝටාවක් නොමැත.
(ඇ) (i) පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති පැවැත්වීමට අවසර ලබා දී නැත. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ප්‍රමුඛ ද්විභාෂා අධ්‍යාපනය ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා වන කරුණු ගරු සභාවට ඉදිරියේ දී යොමු කිරීමට අපේක්ෂා කරමි.
(ii) මෙම පාසල් පවත්වාගෙන යෑමේ අරමුණ, සේවය ලබාදීමට ඉලක්ක වන ප්‍රජාව, හිමිකාරිත්වයේ ස්වභාවය, මූල්‍ය සාධකය ආදී කරුණු අනුව විවිධත්වයක් පවතින හෙයින් පළමු ශ්‍රේණියට බඳවා ගැනීමට පොදු මාර්ගෝපදේශයක් සැකසීම අසීරුය.
(iii) ඔව්.
(iv) ඔව්.
රජයේ පාසල්වල වෘත්තීය සංවර්ධන වැඩසටහන්වලට සහභාගිවීමට සහ ගුරු විද්‍යාල යටතේ ගුරු පුහුණුව ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.
කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට කටයුතු කරනු ලබයි. පාසල්වල ගැටලු තත්ත්ව පිළිබඳ වාර්තා වූ විට අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් ශාඛාව මඟින් ද ඒ පිළිබඳ සොයා බැලීම හා උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.
(ඈ) අදාළ නොවේ.
—————————
* පුස්තකාලයේ තබා ඇත.
* நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks