01

E   |     |  

 දිනය: 2021-04-20   පිළිතුර ලබා දී ඇත 

0763/2021: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සහ ගුරුවරුන්: විස්තර

----

අසන ලද දිනය

2021-04-20

අසන ලද්දේ

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව 08කි. ඒවායේ නම් පහත පරිදි වේ.

1.  තමන්කඩුව

2.  ලංකාපුර

3.  හිඟුරක්ගොඩ

4.  මැදිරිගිරිය

5.  ඇලහැර

6.  දිඹුලාගල

7.  වැලිකන්ද

8.  අරලගංවිල

              (ii)       ජාතික පාසල් සංඛ්‍යාව 09කි. ඒවායේ නම් පහත පරිදි වේ.

1. උමැප/‍පො/පො/තමන්/රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

2. උමැප/‍පො/පො/තමන්/තෝපාවැව මහා විද්‍යාලය

3. උමැප/‍පො/පො/තමන්/මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය

4. උමැප/පො/හිඟු/හිඟු/මින්නේරිය ජාතික පාසල

5. උමැප/පො/හිඟු/හිඟු/ආනන්ද බාලිකා ජාතික පාසල

6. උමැප/පො/හිඟු/මැදි/මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය

7. උමැප/පො/හිඟු/මැදි/දිවුලන්‍කඩවල මහා විද්‍යාලය

8. උමැප/පො/හිඟු/ඇළ/බකමූණ මහසෙන් මධ්‍ය මහා විද්‍යාලය

9. උමැප/පො/දිඹු/අරල/විලයාය මධ්‍ය මහා විද්‍යාලය

(iii)  පළාත් පාසල් සංඛ්‍යාව 243කි.  එම ලේඛනය ඇමුණුම  01 මඟින් දක්වා ඇත.

(iv)  එම පාසල්වල පවතින ගුරු හිඟය 272කි.

(v)  ඔව්.  පසුගිය වර්ෂ පහ තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් පාසලක් වැසී ගොස් ඇත.

(ආ) (i)  අ.පො.ස. (උසස් පෙළ) සඳහා අදාළ වන,

විෂය ධාරා 04ක් ඇති පාසල් සංඛ්‍යාව 61කි.

විෂය ධාරා 03ක් ඇති පාසල් සංඛ්‍යාව 61කි.

විෂය ධාරා 02ක් ඇති පාසල් සංඛ්‍යාව 61කි.

විෂය ධාරා 01ක් ඇති පාසල් සංඛ්‍යාව 61කි.

(පාසල් සංඛ්‍යාව අධ්‍යාපන කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 යටතේ දක්වා ඇත.)

(ii)  අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දක්වා ඇති පාසල් සංඛ්‍යාව 57කි.  (පාසල් සංඛ්‍යාව අධ්‍යාපන කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 යටතේ දක්වා ඇත.)

(iii)  ඔව්.  පහ ශ්‍රේණිය දක්වා ඇති පාසල් සංඛ්‍යාව 134කි.

(පාසල් සංඛ්‍යාව අධ්‍යාපන කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 යටතේ දක්වා ඇත.)

(ඇ) ඔව්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වන පාසල්වල සේවයේ නියුතු මුළු ගුරුවරුන්, උපාධිධාරි ගුරුවරුන්, පුහුණු ගුරුවරුන්, විද්‍යාපීඨ ගුරුවරුන් හා අනෙකුත් ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03 යටතේ දක්වා ඇත.

ඇමුණුම 01, 02 සහ 03 සභාගත* කරමි.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks