පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
761/2020
ගරු වඩිවේල් සුරේෂ් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල ඩිපෝව මඟින් බදුල්ල සිට දෙමෝදර හරහා වේවැල්හින්න දක්වා, බදුල්ල සිට මඩුල්සිම, කුරුවිගොල්ල හරහා කොකාගල දක්වා, බදුල්ල සිට රොකතැන්න දක්වා සහ බදුල්ල සිට රොසට් දක්වා ධාවනය කරන ලද බස්රථ මේ වනවිට ධාවනය නවතා ඇති බව;
(ii) මේ හේතුවෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල පාසල් ළමුන් සහ විවිධ අවශ්‍යතා සඳහා බදුල්ල නගරයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම බස්රථ සේවාවන් නැවත ධාවනය කරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(ii) එම සේවාවන් නැවත ආරම්භ කිරීමට අපේක්ෂිත දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-06
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) දැනට පවත්නා කොවිඩ්- 19 වසංගත තත්ත්වය හේතුවෙන් රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් පැන නැඟී ඇති අතර, මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම අදාළ බස් රථ නිසි පරිදි ධාවනයට කටයුතු යෙදේ.
(ii) 2021 වර්ෂයේදී ආරම්භ කිරීමට අපේක්ෂිත ය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks