පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
760/2020 ගරු වඩිවේල් සුරේෂ් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) බදුල්ල සිට මහනුවර දක්වා දිවෙන දැනට පවතින මාර්ගයට විකල්පයක් ලෙස කි.මි. 20 - 30 ක අඩු දුරකින් යුත් බදුල්ල සිට මහනුවර දක්වා නව මහාමාර්ගයක් ඉඳිකිරීම යන මැයෙන් එවකට මහාමාර්ග අමාත්‍යතුමා විසින් 2004.10.29 දිනැති අංක 2004/10 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම මාර්ගය අදියර දෙකක් යටතේ ඉඳිකිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ලබා දී තිබේද; (ii) මේ වනවිට එම මාර්ගයේ වැඩ අවසන් කර ඇති දුර ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) දැනට එම මාර්ගයේ වැඩ කටයුතු නවතා ඇති බව එතුමා දන්නෙහිද? (ඈ) (i) එවකට සංවර්ධන සංග්‍රාමය යටතේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබූ මෙම මාර්ගයේ වැඩ කටයුතු මේ වනතෙක් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; (ii) විශේෂ ව්‍යාපෘතියක් යටතේ හෝ මාර්ගයේ වැඩ කටයුතු අවසන් කර ජනතාවට මාර්ග පහසුකම් සැලසීමට ගනු ලබන පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-10
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) එම මාර්ගය අදියර දෙකක් යටතේ ඉදි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
පළමු අදියර - මස්පන්න සිට ඌව කැටවල හරහා හලාබ දක්වා කි.මී. 13ක කොටස
දෙවන අදියර - කීර්ති බණ්ඩාරපුර සිට මස්පන්න දක්වා කි.මී. 33 සහ ඌව කැටවල සිට හාලි ඇල දක්වා කි.මී. 12ක පවත්නා මාර්ගය වැඩි දියුණු කිරීම.
(ii) මේ වන විට එම මාර්ගයේ කැටවල සිට කි.මී. 7.00ක් දක්වා මාර්ග කොටසේ පස් කැපීම් (මාර්ග තලය සැකසීම) සිදු කර ඇත. හලාබ සිට මහවෙල හන්දිය දක්වා කි.මී. 6.9 දුර මාර්ග කොටසේ පසු කැපීම් සිදු කරමින් පවතී.
(ඇ) එම මාර්ගයේ වැඩ කටයුතු නවතා නැත. වැඩ සිදු කරමින් පවතී.
(ඈ) (i) සංවර්ධන සංග්‍රාමය යටතේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබුණත්, ප්‍රතිපාදන සොයා ගැනීමේ ගැටලු මත ඉදිකිරීම් 2014 වසරෙන් පසු නතර විය.
(ii) කි.මී. 100,00 විකල්ප මාර්ග පද්ධතියක් ඉදිකිරීම වැඩසටහන යටතේ දැනට පහත අයුරින් වැඩ ආරම්භ කර ඇත.
1. කැටවල සිට ජංගුල්ල දක්වා (කි.මී.2.0) මාර්ග කොටස කාපට් ඇතිරීමට කොන්ත්‍රාත් ප්‍රදානය කර වැඩ ආරම්භ කර ඇත.
2. ජංගුල්ල සිට හලාබ දක්වා (කි.මී. 5.6) මාර්ග කොටස කාපට් ඇතිරීමට වැඩ නියෝග පතක් මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම වෙත ප්‍රදානය කර දැනට වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
3. හලාබ සිට මහවෙන හන්දිය දක්වා (කි.මී. 6.7) මාර්ග කොටස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට එම මාර්ග කොටසේ මාර්ග තලය සැකසීම ඍජු ශ්‍රමය යටතේ දැනට සිදු කරමින් පවතී.
4. මහවෙල හන්දියේ සිට මස්පන්න දක්වා (කි.මී.4) මාර්ගය සංවර්ධනය කිරීමට පළාත් මාර්ග දෙපාර්තමේන්තුව (ඌව) මඟින් කටයුතු කරමින් පවතී.
5. හාලිඇල සිට කැටවල දක්වා (කි.මී. 6.6) මාර්ග කොටස සංවර්ධනය කිරීමට ඇස්තමේන්තු සකසමින් පවතී.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks