01

E   |     |  

 දිනය: 2021-07-08   පිළිතුර ලබා දී ඇත 

0744/2021: එප්පාවල පොලිස් ස්ථානය සහ නිලධාරි නිල නිවාස: අලුත්වැඩියාව

----

අසන ලද දිනය

2021-07-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       1982.09.17 දින ආරම්භ කර ඇත.

(ආ)         (i)      පොලිස් ස්ථානයට අයත් නිල නිවාස 20ක් ඇති අතර, ඉන් 12ක පමණක් නිලධාරින් පදිංචිව සිටියි. නිල නිවාස 08ක් හිස්ව පවතින අතර එහි අලුත්වැඩියා කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

              (ii)      ස්ථානාධිපති නිල නිවාස වහලය අලුත්වැඩියාව සඳහා රුපියල් 298,000ක මුදලක් අනුමත වී ඇති අතර, කොට්ඨාස වැඩ අංශයේ නිලධාරින් මගින් අලුත්වැඩියා කිරීමට කටයුතු සූදානම් කර ඇත. වරින්වර, අවශ්‍යතාව පරිදි ගොඩනැඟිලිවල සුළු අලුත්වැඩියා කර තිබේ.

(ඇ) පොලිස් ස්ථානයේ පරිපාලන ගොඩනැඟිල්ලේ වහලය සඳහා රුපියල් 3,100,000ක් වශයෙන් ඇස්තමේන්තු සකස් කර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බැවින්, අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට සැලසුම් කර ඇත. පොලිසියට අවශ්‍ය වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීමටද සැලසුම් සකස් කරමින් පවතී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks