පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
731/2020
ගරු කේ.පී.එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවත්;
(ii) අනුරාධපුරය හා පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණය අවසන්ව නැවත වැසි ලැබීමත් සමග මදුරු ගහනය වර්ධනය වන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ මේ වනතෙක් ඩෙංගු රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඩෙංගු උවදුර මර්දනයට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට 2008/2009 වකවානුවේදී එවකට පැවති රජය විසින් B.T.I. බැක්ටීරියාව කියුබාවෙන් ආනයනය කිරීමට විවිධ උත්සාහයන් ගත් නමුත් එය අසාර්ථක වූ බවත් එතුමිය දන්නෙහිද?
(ඈ) (i) ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා B.T.I. බැක්ටීරියාව භාවිතා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබේද;
(ii) ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා B.T.I. බැක්ටීරියාව භාවිතා කිරීමට හැකියාවක් නොමැති නම්, එයට හේතු කවරේද;
(iii) B.T.I. බැක්ටීරියාව වෙනුවට ඩෙංගු මදුරුවන් මර්දනයට භාවිතා කළ හැකි විකල්පය කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) 2010 වර්ෂයේ සිට ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ෂය |
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව |
|
2010 |
34,188 |
|
2011 |
28,473 |
|
2012 |
44,461 |
|
2013 |
32,063 |
|
2014 |
47,502 |
|
2015 |
29,777 |
|
2016 |
55,150 |
|
2017 |
186,101 |
|
2018 |
51,659 |
|
2019 |
105,049 |
|
2020 |
31,139 |
|
2021 |
15,615 |
(ii) රජය විසින් මේ වන විට,
* ආවේක්ෂණය (Surveillance)
විශේෂයෙන්ම රෝගීන් වාර්තා වීම පිළිබඳව රෝහල්වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිටත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් ඩෙංගු මර්දන ඒකකයටත් එවනවා. ඒ නිසා රෝගීන් වැඩි තැන් ආවේක්ෂණය වනවා. ඊට අමතරව මදුරු කීටයන් හා මදුරු ඝනත්වයත් surveys මඟින් ආවේක්ෂණය වනවා.
* ඒකාබද්ධ වාහක පාලනය (Integrated Vector Management)
* අන්තර් පාර්ශ්වීය සම්බන්ධීකරණය (Intersectoral Management)
* වසංගත තත්ත්ව පුරෝකථනය කිරීමට අදාළ පියවර ගැනීම (Outbreak Forecast and Response)
* සායනික කළමනාකරණය (Clinical Management)
යන කරුණු පදනම් කර ගනිමින් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇමුණුමෙහි විස්තර කර ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ඇ) ඔව්.
(ඈ) (i) ඔව්.
2013 වසරේදී ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා Bti බැක්ටීරියා ස්ඵටික යොදා ගැනීමේ ඵලදායිතාව පරීක්ෂා කිරීමේ පර්යේෂණය බස්නාහිර පළාතේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හයක සිදු කෙරිණි.
2016 වසරේදී ඩෙංගු මදුරුවන් පාලනය සඳහා ඒකාබද්ධ වාහක පාලන ක්‍රමයක් ලෙස දියර Bti යොදා ගැනීමේ පර්යේෂණය කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් නාගරික, තදාසන්න සහ ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සිදු කෙරිණි.
(ii) Bti බැක්ටීරියාව භාවිත කිරීම නිර්දේශ වන්නේ පරිභෝජනයට නොගන්නා ජලය රැඳෙන ස්ථාන සඳහාය. පානීය ජලය සඳහා මෙය භාවිත කළ නොහැක.
කීට විද්‍යා සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් බොහොමයක් -60%කට වඩා- බෝ වන්නේ වතුර රැඳෙන, ඉවතලන බඳුන්වල. ඉතාම කුඩා ප්‍රමාණයෙන් වතුර රැඳෙන තැන්වල. එක් වරක් යෙදීමෙන් පසු Bti බැක්ටීරියාවෙහි ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ සති 2ක් වැනි කාල සීමාවක් පමණක් නිසා සති දෙකකට වරක් මෙය යෙදිය යුතු වන බැවින් වඩා ඵලදායි සහ ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කිරීමයි.
(iii) * ඩෙංගු මදුරුවන් මර්දනයට මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම.
කීට විද්‍යා සමීක්ෂණ දත්ත අනුව ඩෙංගු මදුරුවන් මර්දනයට භාවිත කළ හැකි සුදුසුම ක්‍රමෝපාය බවට තහවුරු වී ඇත. එබැවින් ටයර්, ප්ලාස්ටික්, වීදුරු, පොලිතින්, ටින්, ෂොපින් බෑග්, කිරි හට්ටි, බෝතල්, පොල්කටු, තැඹිලි කෝම්බ වැනි ජලය එක්රැස් වන ස්ථාන ඉවත් කිරීම.
* පරිසර කළමනාකරණය.
තාවකාලික හෝ ස්ථිර ක්‍රමවේද භාවිත කරමින් පරිසරය වෙනස් කිරීම මඟින් වාහක මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම.
තවද එවැනි ස්ථාන ඉවත් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, ව්‍යුහය වෙනස් කිරීම හෝ මිනිස් - වාහක ගැටීම අවම කිරීම සිදු වේ.
රසායනික වාහක පාලන ක්‍රම භාවිතය
ජලය තුළ සිටින කීටයන් සහ පිලවුන් විනාශ කිරීම සඳහා කීටනාශක භාවිත කිරීම සහ කෘමිනාශක භාවිතකොට ධූමනය මඟින් වැඩිහිටි මදුරුවන් පාලනය කිරීම.
මේවායින් එක් ක්‍රමයක් පමණක් යෙදීමට වඩා ක්‍රම කීපයක් එකවර යෙදීම උචිත වේ.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks