01

E   |     |  

 දිනය: 2021-01-05   පිළිතුර ලබා දී ඇත 

0730/2021: Inland fishing production

730/2020

අමරකීර්ති අතුකෝරළ මහතා, — ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

 (අ)     ශ්‍රී ලංකාවේ —

              (i)       වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ අවශ්‍යතාවය කොපමණද;

            (ii)       ඉහළම මිරිදිය මත්ස්‍ය අස්වැන්නක් ලබා දෙන දිස්ත්‍රික්කය කවරේද;

            (iii)       එම කර්මාන්තයේ නියැලෙන මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ —

(i) මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ජීවිකාව කර ගත් පවුල් සංඛ්‍යාව ‍කොපමණද; 

(ii) මාසික මිරිදිය මත්ස්‍ය අස්වැන්න කොපමණද;

(iii) එම කර්මාන්තය සිදුකරන වැව් හා ජලාශ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් හා ජලාශවලට මුදාහරින ලද මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත කාලය තුළ එම වැව් හා ජලාශවලින් ලද අස්වැන්න වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මුදා හරින ලද මත්ස්‍ය පැටවුන්ට සාපේක්ෂව ලද අස්වැන්න පිළිබඳව සෑහීමකට පත්වන්නේද;

(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) කුඩා වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-05

අසන ලද්දේ

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks