01

E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0726/2020: අලුතින් ඉදිකළ ලග්ගල ප්‍රාදේශීය රෝහල: විස්තර

726/2020 ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ලග්ගල ප්‍රාදේශීය රෝහල අලුතින් ඉදිකිරීම සඳහා රජය විසින් වියදම් කර ඇති මුළු මුදල කොපමණද; (ii) එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි රෝගීන් සංඛ්‍යාව කොපමණද; (iii) රෝහල සඳහා අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (iv) මේ වනවිට එම රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (v) රෝහල සඳහා අනුමත හෙද කාර්ය මණ්ඩලය කොපමණද; (vi) මේ වනවිට එම රෝහලේ සේවයේ නිරත හෙද කාර්ය මණ්ඩලය කොපමණද; (vii) දැනට එම රෝහලේ පවත්වාගෙන යනු ලබන ‍සායන වර්ග කවරේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලග්ගල ප්‍රාදේශීය රෝහල අලුතින් ඉදිකිරීම සඳහා රජය විසින් වියදම් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 550කි. මෙම ඉදිකිරීම් මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද්දකි.

              (ii)      නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි රෝගීන් සංඛ්‍යාව 120කි.

             (iii)      අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 03කි.

             (iv)      දැනට සේවයේ නියුතු වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 03කි.

(v) අනුමත හෙද කාර්ය මණ්ඩලය 10කි.

(vi) දැනට සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලය 09කි.

(vii) දැනට පවත්වාගෙන යනු ලබන සායන - වෛද්‍ය සායන, බෝ නොවන රෝග සායන, මාතෘ හා ළමා සායන සහ මනෝ වෛද්‍ය සායන.

(ආ)   පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks