01

E   |     |  

 දිනය: 2021-03-12   පිළිතුර ලබා දී ඇත 

0723/2021: මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක: ගිනි නිවීමේ ඒකක

----

අසන ලද දිනය

2021-03-12

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මන්නාරම හා මුලතිව් දිස්‍ත්‍රික්ක සඳහා ගිනි නිවීම් සේවා සැපයීමට වවුනියාවේ සිට ගිනි නිවීම් රථ පැමිණේ.

              (ii)      මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති පළාත් පාලන ආයතන වන මන්නාරම නගර සභාව සහ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාව සඳහා මෙතෙක් ගිනි නිවීමේ ඒකක පිහිටුවා නැත.

(iii) ඉහත සඳහන් දිස්ත්‍රික්ක අතර කිලෝමීටර 100ක දුරක් ඇති බැවින්, ප්‍රවාහනය සඳහා පැය එකහමාරක කාලයක් ගතවේ.

(ආ) ජපානයේ සමාගමක් සමඟ ගිනි නිවීමේ උපකරණ සැපයීමට අදාළව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇත. අදාළ ප්‍රසම්පාදන කමිටු තීරණය සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ද ඉදිරිපත් කර ඇත. එහෙත් අදාළ සමාගම ඉදිරිපත් කළ ණය කොන්දේසි පිළිගත නොහැකි මට්ටමේ පවතින බැවින් අදාළ කොන්දේසි සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම සමාගම වෙත දන්වා ඇත.

ඒ අනුව අදාළ ක්‍රියාවලින් අවසන් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය යටතේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති පළාත් පාලන ආයතන වන මන්නාරම නගර සභාව, මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාව සඳහා ද අලුතින් ගිනි නිවීමේ ඒකක ස්ථාපිත කළ හැක.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks