E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0721/2021: නානාට්ටාන් ප්‍රදේශයෙන් හමු වූ පෞරාණික කාසි: විස්තර

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      1850.

              (ii)      අනුරාධපුරයේ අග භාගය හෝ පොළොන්නරු යුගය. (ව්‍යවහාර වර්ෂය 8වන ශත වර්ෂය සහ 13වන ශත වර්ෂය අතර කාලය)

             (iii)      මෙම කාල වකවානුවට අදාළව ලංකාවේ රජවරු රැසක් සිටියහ. එම කාල පරාසයේ සිටි කැපී පෙනෙන පාලකයන් අතර පළමුවන සේන රජු, දෙවන සේන රජු, හතරවන උදය රජු,  හතරවන මහින්ද රජු මෙන්ම පොළොන්නරු යුගයේ පාලකයන් වූ පළමුවන විජයබාහු රජු, පළමුවන පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදි රජවරුන්ගේ පාලන කාල හැඳින්විය හැක.  

(iv) මෙහි ඇති මත්ස්‍ය සංකේතය මඟින් පාණ්ඩ්‍ය වංශය සංකේතවත් වන අතර, අනෙක් සංකේතය වන කඩුව වෙනුවට කණු (staff) සලකුණ සංකේතවත් වෙයි. මේ පිළිබඳව "H.W. Codrington"ගේ "CEYLON COINS AND CURRENCY" පොතෙහි ඉහත සඳහන් සංකේත පිළිබඳව සඳහන් කර ඇත. පාණ්ඩ්‍ය දේශය හා ලංකාව යන දෙරට අතර පැවති වෙළෙඳ ආර්ථික රටාව, එනම් ආනයන හා අපනයන වෙළෙඳාම පිළිබඳව හා එහිදී භාවිත වූ හුවමාරු මාධ්‍යයක් ලෙස දෙරට අතර පාණ්ඩ්‍ය කාසි පරිහරණය කර ඇති බවට සාධක පවතී.

(v) පැරැණි කාසි ගැන පාසැල් ඉතිහාසය විෂය මාලාවේදී ශිෂ්‍යයන්ට අවබෝධයක් ලබා දෙන්නේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට යොදා ගත හැකි මූලාශ්‍රයක් වශයෙනි. එබැවින් එක් එක් කාසි පිළිබඳව වෙන් වෙන්ව පාසැල් විෂයය මාලාව තුළ දීර්ඝ වශයෙන් විස්තර නොකෙරෙන අතර, පොදුවේ කාසිවල ඇති වැදගත්කමත්, දේශපාලන හා වෙළෙඳ සම්බන්ධතා ආදියත් එමඟින් විස්තර කෙරේ.

දැනට භාවිතයේ පවතින ඉතිහාසය විෂයය නිර්දේශයේ 10 වසර මූලාශ්‍ර පිළිබඳව පාඩම් මාලාව යටතේ මෙන්ම විදේශ සම්බන්ධතා විග්‍රහ කිරීමේදී ද ‍එකී පොදු කරුණු විස්තර කර ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks