01

E   |     |  

 දිනය: 2021-11-23   පිළිතුර ලබා දී ඇත 

0713/2021: රජය සතු අත්යන්ත්‍ර ‍පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන: විස්තර

713/2020

ගරු මයන්ත දිසානායක මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති රජය සතු අත්යන්ත්‍ර ‍පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවා පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

            (iii)       මේ වනවිට එම මධ්‍යස්ථානවලින් නිෂ්පාදනය කරනු ලබන දේශීය රෙදිපිළි වර්ග කවරේද;

(iv) අත්යන්ත්‍ර ‍පේෂ කර්මාන්තය සඳහා රජයෙන් ලබා දී ඇති සහන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට අ‍ලෙවි කරන්නේද;

(ii) එසේ නම්, එම රටවල් කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-23

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      602කි.

              (ii)      මේ සඳහා පිළිතුර පිටු ගණනාවක සඳහන් වෙනවා. එක් එක් දිස්ත්‍රික්කයට අදාළව එම පිළිතුර මම සකස් කර තිබෙනවා. ඔබතුමාට මම එය ලබා දෙන්නම්.  එම සටහන මා සභාගත* කරනවා.

             (iii)     

 

අංකය

පළාත

නිෂ්පාදනය කරනු ලබන දේශීය රෙදිපිළි වර්ග

01

වයඹ පළාත

සාරි, සරොම්, ලුංගි, ටසල්, බුමුතුරුණු (carpets), මේස රෙදි, ඇඳ ඇතිරිලි, තිර රෙදි, ඇඳුම් රෙදි, තුවා, කොට්ට උර, අත්පිස්නා (serviettes), දූවිලි පිසින රෙදි (dusters), අත් ලේන්සු, කවනි, කුඩා පුටුකවර (stool covers)

02

ඌව පළාත

සාරි - වර්ණ සාරි හා රෙයෝන් සාරි, සරොම්, මේස රෙදි, ඇඳ රෙදි, කොට්ට උර, තිර රෙදි, දූවිලි පිසින රෙදි (dusters), තුවා, ලුංගි, තිර රෙදි, ඇඳුම් රෙදි, ටසල්, අත්පිස්නා

 

03

නැඟෙනහිර පළාත

සාරි, සරොම්, මේස රෙදි, ඇඳ රෙදි, කොට්ට උර, තිර රෙදි, දූවිලි පිසන රෙදි (dusters), තුවා, ලුංගි, තිර රෙදි, ඇඳුම් රෙදි, ටසල්, අත්පිස්නා, පුටු රෙදි ආවරණ (cushion covers), බිත්ති සැරසිලි, පිරිමි අය සඳහා කමිස, කාන්තාවන් සඳහා ඇඳුම්

අංකය

පළාත

නිෂ්පාදනය කරනු ලබන දේශීය රෙදිපිළි වර්ග

04

උතුරු පළාත

ඇඳ ඇතිරිලි, වියන ලද සාරි, කොට්ට උර, වේට්ටි, තුවා

05

සබරගමුව පළාත

සාරි, සරොම්, ලුංගි, මේස රෙදි, ඇඳ ඇතිරිලි, තිර රෙදි, ඇඳුම් රෙදි, සර්වියට්, දූවිලිපිසින රෙදි (dusters), කුඩා පුටු කවර (stool covers), කමිස, ෂෝල්, සිවුරු රෙදි

06

උතුරු මැද පළාත

සාරි, සරොම්, මේස රෙදි, ඇඳ ඇතිරිලි, තිර රෙදි, ඇඳුම් රෙදි, තුවා කොට්ට උර, බුමුතුරුණු (carpets)

07

බස්නාහිර පළාත

සාරි (සාමාන්‍ය කපු සාරි, මල්බාන ලද කපු සාරි, රෙයෝන් සාරි, මල් බාන ලද රෙයෝන් සාරි, ෂේඩඩ් කපු සාරි, ෂේඩඩ් රෙයෝන් සාරි, පල්ලු සාරි, දුම්බර රටා මිශ්‍ර කපු සාරි), ඇඳුම් රෙදි (සුදු රෙදි, කොටු රෙදි, තනි වර්ණ, දික් ඉරි, හරස් ඉරි, රෙයෝන් නූල් භාවිතයෙන්, සුදු කමිස රෙදි), සරොම් රෙදි, සරොම්, වූල් තුවා,/ හනිකොම් තුවා රෙදි රෝල් සහ තුවා වශයෙන්, අමු රෙදි, සුදු තිර රෙදි, තිර රෙදි (72", 54"), ලුංගි රෙදි, ලුංගි, දූවිලිපිසින රෙදි (dusters), 72" පළල රෙදි, සාරි රෙදි, ඇඳ රෙදි (54",72",80",108" x 94") රෝල් සහ ඇඳ රෙදි කට්ටල, මේස රෙදි (කොටු, ශත පහ මෝස්තරය, කුකුල් අඩි මෝස්තරය) සහ මසා නිම කළ මේස රෙදි, සාටක (කපු, රෙයෝන්), බුමුතුරුණු (carpets), ටසල්, දුම්බර රෙදි, මේස දරනු (table mats), රෝහල් සඳහා අවශ්‍ය වන විවිධ රෙදි වර්ග කොළ, නිල් සුදු රෙදි, ජී.එස් තුවා, ශල්‍යකර්ම ගවුම (surgeon frocks), අත්පිස්නා රෙදි රෝල් සහ මසා නිමකළ අත්පිස්නා, කුර්තා, කුර්තා රෙදි, කමිස, කොට්ට උර රෝල් සහ මසා නිම කළ කොට්ට උර, බෑග් සඳහා රෙදි සහ නිම කළ බෑග්, පුටුරෙදි ආවරණ (cushion covers) සහ මසා නිම කළ පුටු රෙදි ආවරණ, ගවුම්, සාය

08

දකුණු පළාත

සාරි - කපු සාරි/රෙයොන් සහ කපු මිශ්‍ර සාරි (silk sarees) / ටයිඩයි/ මල්බාන රෙදිපිළි, තුවා - හනි කොම්බි/ වූල් තුවා සරොම්, ඇඳුම් රෙදි, ඇඳ රෙදි හා කොට්ට උර, මේස රෙදි, තිර රෙදි, අත්පිස්නා, ටසල්, කේෂ්මන්

09

මධ්‍යම පළාත

සාරි, සරොම්, ලුංගි, කමිස, හැට්ට (blouses), ළමා ඇඳුම්, ඇඳ රෙදි, තිර රෙදි, ඇඳුම් රෙදි, මේස රෙදි, කොට්ට උර, පුටුරෙදි ආවරණ (cushion covers), ලේන්සු, කවනි, මේසදරනු (table mats), අත්පිස්නා, තුවා, පාපිසි, බිත්ති සැරසිලි

 

(iv) ඔව්.

· රාජ්‍ය ආයතන සඳහා වන රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අවශ්‍යතා පළාත් මට්ටමින් දේශීය නිෂ්පාදකයන් වෙතින් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් අනුමත කර ඇත.

· අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ආයතනයන්හි පහසුකම් වැඩි දියුණු කිරීම හා නඩත්තු කටයුතු සඳහා වාර්ෂික සංවර්ධන සැලැස්ම තුළින් පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු වෙත ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් වෙන් කරනු ලැබේ.

· ඊට අමතරව 2021 වර්ෂයේ මධ්‍යම රජයේ රේඛීය අමාත්‍යාංශය වන බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත පොදු පහසුකම් මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබාදී ඇත.

· පුහුණු කාලයෙන් පසුව රෙදි වියන්නන් ලෙස රැකියා අවස්ථා ලබාදෙන අතර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වෙළෙඳ පොළ මිල ගණන් අනුව සකස් කරන ලද මිල අනුව කෑලි පදනම මත ගෙවීම් කරනු ලැබේ.

· පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු මඟින් එම දෙපාර්තමේන්තු යටතේ සේවය කරනු ලබන කාර්මිකාවන් සඳහා දෛනික ඉලක්ක පදනම් කර ගනිමින් පැමිණීමේ දීමනාවක් ලබාදීම.

· මෙම පැමිණීමේ දීමනා සහ දෛනික ඉලක්ක පදනම් කර ගනිමින් ගෙවනු ලබන දීමනා පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත ගෙවනු ලබයි.

(ආ) (i), (ii)

ගරු මන්ත්‍රීතුමනි, ලක්සල ආයතනය පළමු වතාවට පළමුවෙනි කන්ටේනර් එක හෙට ලංකාවෙන් පිටතට යවනවා.  අපි ඒක යවන්නේ ඇමෙරිකාවට. මේ වන විට අපි රටවල් පහක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව, අපි විශේෂ දේශීය නිෂ්පාදන විධියට අත්යන්ත්‍ර රෙදිපිළිත් පිටරට යවන්න අවශ්‍ය කරන කටයුතු මේ වැඩ පිළිවෙළත් එක්ක සකස් කරනවා. මේ රටවල් දැනට අපේ ලක්සල ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, ඩුබායි රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවක් සමඟ අපි දැනට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ගිවිසුම් අත්සන් කර තිබෙන රටවල් තමයි මම මේ කිව්වේ.       

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks