පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
711/2020 ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද; (ii) මේ වනවිට වැසී ගොස් තිබෙන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද; (iii) පෙර පාසල්වල පහසුකම් වැඩි කිරීම සඳහා රජය විසින් ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) පෙර පාසල් ගුරුවරුන් සඳහා වැටුප් හෝ දීමනා ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් තිබේද; (ii) පෙර පාසල් ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට හෝ ඒ හා සමාන වෙනත් ඒකාබද්ධ සේවයකට අන්තර්ග්‍රහණය කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබේද; (iii) පෙර පාසල් ගුරුවරුන්ගේ බඳවා ගැනීම් හා ඔවුන්ගේ සුදුසුකම් තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන් යම් නියාමන ක්‍රමවේදයක් තිබේද; (iv) පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) පෙර පාසල්වල අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව යෝජනා කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-19
අසන ලද්දේ
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks