පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-24
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ස්ථාපිත කර ඇති 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඉටු කළ යුතු කාර්යයන් පහත පරිදි වේ.
ශ්‍රී ලංකාවෙහි ක්‍රමවත් භූ විද්‍යා සිතියම් සැකසීම භාර ගැනීම සහ භූ විද්‍යා සිතියම් සකස් කිරීම.
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් හඳුනා ගැනීම සහ ඒවා තක්සේරු කිරීම.
ඒ ඛනිජ සඳහා පතල් කැණීමේ වාණිජමය ස්වශක්තිය පිළිබඳ ඇගයීම සහ ඛනිජ සකස් කිරීම හා අපනයනය කිරීම.
ඒ ඛනිජ සඳහා ගවේෂණ කිරීම හා පතල් කැණීම සහ ඒ ඛනිජ සකස් කිරීම, වෙළෙඳාම හා අපනයනය කිරීම, බලපත්‍ර නිකුත් කිරීම මඟින් විධිමත් කිරීම.
වාණිජමය පදනමක් මත, ඛනිජ නිෂ්කර්ෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා උපයෝගි කරගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම.
(ii) 2019 වර්ෂයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.
|
බලපත්‍ර කාණ්ඩය |
නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණය |
|
AML A- ශිල්පීය කැනීම් "ඒ" |
01 |
|
AML B-ශිල්පීය කැනීම් "බී" |
38 |
|
TDLගබඩා බලපත්‍ර |
543 |
|
එකතුව |
582 |
(iii) 2019 වර්ෂයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විසින් බලපත්‍ර මඟින් උපයාගෙන ඇති ආදායම පහත පරිදි වේ.
|
ආදායම් විස්තරය |
ආදායම රුපියල් |
|
රාජ්‍ය භාග ආදායම |
123,076,300.21 |
|
ක්ෂේත්‍ර පරීක්ෂණ ආදායම |
28,890,434.70 |
|
පිපිරුම් පරීක්ෂණ ආදායම |
225,000.00 |
|
කැණීම් බලපත්‍ර ආදායම |
5,429,953.00 |
|
ප්‍රවාහන බලපත්‍ර ආදායම |
9,377,820.00 |
|
එකතුව |
166,999,507.91 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks