පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-12
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. අතිගරු ජනාධිපතිතුමාගේ "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කුරුණෑගල නගරය ජාතික නගරයක් ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම කුරුණෑගල නගරය තුළින් උතුරු අධිවේගී මාර්ගය ගමන් කිරීමත් සමඟම කුරුණෑගල ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වීමට නියමිත බැවින් තවදුරටත් කුරුණෑගල නගරය ස්ථානික වශයෙන් වැදගත් වනු ඇත.
(ii) ඔව්. ජාතික භෞතික සැලැසුම් දෙපාර්තමේන්තුවෙහි 2050 සැලැස්ම මඟින් කුරුණෑගල නගරයද ආපදා රහිත, නේවාසික කටයුතු සඳහා සුදුසු දේශගුණික පරිසරයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබීම මෙන්ම 2030 වර්ෂය වන විට කුරුණෑගල මෙට්ට්‍රෝරිජන් කලාපය තුළ ලක්ෂ 10ක ජනගහනයක් අපේක්ෂා කිරීමත් නිසා කුරුණෑගල සැලසුම් බල ප්‍රදේශය නේවාසික ජනගහනයෙන් පරිපූර්ණ කලාපයක් ලෙස 2030 වන විට 250,000ක ජනගහනයක් දක්වා වර්ධනය කිරීමේ අවස්ථාව පවතින බැවින් සමාජීය, ආර්ථික හා යටිතල පහසුකම් යන ප්‍රධාන අංශවලින් ක්‍රමානුකූලව සංවර්ධනය කළ යුතු බව හඳුනාගෙන ඇත.
(ආ) (i) ඔව්. මේ සඳහා මේ වන විටත් 2020 -2030 වර්ෂ සඳහා නගර සංවර්ධන සැලසුමක් සකස්කර ඇති අතර, මෙම සංවර්ධන සැලැස්ම මඟින් කුරුණෑගල නගරය ද්විත්ව කේන්ද්‍රික නගරයක් ලෙස සංවර්ධනය කිරීමට අරමුණු කර ඇත. ඒ අනු සේවා පදනම් වූ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසත්, ගැට්ටුවාන අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හා දුම්රිය ස්ථානය පදනම් කරගත් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙසත් 2030 වන විට සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
(ii) ඔව්.
(iii) මහා භාණඩාගාරයේ අරමුදල්, නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් සහ පෞද්ගලික අංශයේ අරමුදල්.
(iv) ඔව්. ජාතික නගරයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම නගරය සංවර්ධනයට කුරුණෑගල නගර සංවර්ධන සැලසුම (2020-2030) අනුව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් කඩිනම් පියවර යොදා ඇති අතර මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත්පාලන ආයතන සමඟ සම්බන්ධ වී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks