01

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0657/2021: එම්.එම්. ලෙව්මික තත්විදු ගුණතිලක: රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       එම්.එම්.ලෙව්මික තත්විදු ගුණතිලක ළමයාගේ මව වන ඒ.එම්.ඒ. මහීෂා නුවන්ගි සුමනදාස මිය විසින් පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛයේ, ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්ගේ ගණය යටතේ අයදුම්පතක් ඉදිරිපත් කර COB-378 අංකයෙන් 2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී ලකුණු 76.4ක් ලබාගෙන ඇත. එම ලබාගත් ලකුණු අනුව තාවකාලික ලේඛනයට හෝ පොරොත්තු ලේඛනයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා නොමැති බව නිරීක්ෂණය වේ.

මෙම අයදුම්කාරිය අතිරේක ලේඛන සඳහා සහ ආසන්නතාවයට ලකුණු ලබාදෙන මෙන් අභියාචනයක් පාසල වෙත ඉදිරිපත් කර ඇති අතර, අභියාචනා හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලය විසින් ජාතික හැඳුනුම් පතට ලකුණු 0.2ක් ලබාදීමෙන් මුළු ලකුණු 76.6ක් උපයාගෙන ඇත.

ආසන්න පදිංචිකරුවන්ගේ ගණය යටතේ තෝරාගැනීමේ කඩඉම් ලකුණු 90ක් වූ අතර පොරොත්තු ලේඛනයේ කඩඉම් ලකුණු 87.8ක් වී ඇත. ඒ අනුව උක්ත අයදුම්කරුගේ දරුවා එම විද්‍යාලයට ඇතුළත් වීමේ ස්ථිර ලේඛනය හෝ පොරොත්තු ලේඛනයට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන බව විදුහල්පති වාර්තාවෙන් පැහැදිලි වේ. (ඇමුණුම 01)*

(ii) ආසන්න පදිංචිකරුවන්ගේ ගණය යටතේ තෝරා ගැනීමේ කඩඉම් ලකුණු 90ක් වූ අතර, පොරොත්තු ලේඛනයේ කඩඉම් ලකුණු 87.8ක් වී ඇත. ඒ අනුව මෙම අයදුම්කාරියගේ දරුවා, රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ස්ථිර ලේඛනය හෝ පොරොත්තු ලේඛනය අනුව සුදුසුකම් නොමැති බැවින් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම අවශ්‍ය නොවන බව විදුහල්පති විසින් වාර්තා කර ඇත.

(ආ) පළමු  ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඒ.එම්.ඒ. මහීෂා නුවන්ගී සුමනදාස මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අභියාචනය 2020 වර්ෂයේ පැවැති පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා කමිටුව වෙත යොමු කරන ලදී.

එම කමිටුව වෙතින් සලකා බැලීමෙන් නිරීක්ෂණය වූයේ දරුවාගේ පියාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් නොවන බවයි. එම හේතුවෙන් අභියාචනා මණ්ඩලයේ අවසන් තීරණය මත අභියාචනාව ප්‍රතික්ෂේප විය.

කමිටුව වෙතින් ලබාදුන් නිර්දේශය ඇමුණුම 02* යටතේ දක්වා ඇත. කමිටු නිර්දේශ ප්‍රකාරව අයදුම්කරු වෙත අවසන් තීරණය දැනුම් දී ඇත. එහිදී මෙම අයදුම්කරුට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති අතර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හමු වී සුදුසු පළාත් පාසලක් ලබා ගන්නා ලෙස ද එම ලිපියෙන් දන්වා ඇත. (ඇමුණුම 03)*

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks