01

E   |     |  

 දිනය: 2021-02-11   පිළිතුර ලබා දී ඇත 

0656/2021: සී/ස හබරාදූව විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව: මූල්‍ය වංචා

----

අසන ලද දිනය

2021-02-11

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබාදී ඇති තොරතුරුවලට අනුව, ඔව්.

(ආ)         (i)      දැනට සිදුකර ඇති විගණනවලින් හා පරීක්ෂණවලින් ග්‍රාමීය බැංකු අංශය තුළින්,

                        අනාවරණය කරගෙන ඇති මුදල් වංචාව රුපියල් 15,747,592.74

                        මේ වනවිට අය කරගෙන ඇති මුදල රුපියල්   3,078,492.74

2020.12.31 වන විට අය වීමට ඇති මුදල රුපියල් 12,669,100.00

(ii) 2020.12.31 වන විට ගෙවා ඇති මුළු මුදල ආසන්න වශයෙන් රුපියල් 100,000,000.00කි.

(iii) තැන්පත්කරුවන්ට මේ වනවිට ගෙවීමට ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් 500,000,000.00කි.

(iv) සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් දැනුම් දී ඇති පරිදි ගෙවා අවසන් කළ හැකි දිනය නිශ්චිතව කිව නොහැකි වුවත්, උසාවි දඩ මුදල්වලින් සහ දැනට අයවන ණය හා ණය පොලියෙන් ඇතිවන මූල්‍ය ශක්‍යතාව අනුව මෙම තැන්පත් සමිතිය විසින් ගෙවීමට කටයුතු කරමින් පවතී.

(ඇ) (i) මුදල් වංචාවට අදාළ කාල වකවානුවල සිටි සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ 32කගේ නම් තිබෙනවා. මම ඒ නම් කියවන්න කැමැතියි. එසේම, එම නාම ලේඛනය ඇමුණුම 01හි දක්වා තිබෙනවා.

සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම්.

සමන්ත දිලාන් වැලිගමගේ මහතා - සභාපති, ජී.ජී. ජගත් නිහාල් මහතා - අධ්‍යක්ෂ, රොනල් මාපටුනගේ මහතා - අධ්‍යක්ෂ, නානානායක්කාර විතානගේ මනෝජ් ක්‍රිෂාන්ත මහතා - අධ්‍යක්ෂ, ජයන්ත ගම්මන්පිල මහතා - අධ්‍යක්ෂ, රණසිංහ දේවගේ පාලිත මහතා - අධ්‍යක්ෂ, ඒ.වී. යසවතී මිය - අධ්‍යක්ෂ, ජී.ඩබ්ලිව්. ජයසිරි මහතා - අධ්‍යක්ෂ, මද්දුමගේ මැඩිල්ඩා ජයසේකර මිය - අධ්‍යක්ෂ, අඟුළුගහ ගමගේ බන්දුලසේන මහතා -අධ්‍යක්ෂ, ඩී.කේ. අනුර මහතා - අධ්‍යක්ෂ, පී.ජී. ධර්මපාල මහතා - අධ්‍යක්ෂ, ඒ.ජී. වසන්ත මහතා - අධ්‍යක්ෂ, ඩඩ්ලිසිරි වැලිකන්දගේ මහතා - අධ්‍යක්ෂ, පී.ජී. වික්‍රමරත්න මහතා - අධ්‍යක්ෂ, ඩයස් තිලකරත්න මහතා - අධ්‍යක්ෂ, පී.එම්.කේ.ඒ. නානායක්කාර මහතා - අධ්‍යක්ෂ, ෂෙරීෂා නදී රාජපක්ෂ මිය - අධ්‍යක්ෂ, සේනක චන්ද්‍රසිරි මහතා - අධ්‍යක්ෂ, සම්පත් හේමාල් රූපසිංහ මහතා - අධ්‍යක්ෂ,  චන්ද්‍රසිරි රණධීර මහතා - අධ්‍යක්ෂ, සනත් පාලින්ද කුඩාගම මහතා - අධ්‍යක්ෂ, අශෝක කුමාර අපරැක්ක මහතා - අධ්‍යක්ෂ,  ඒ.එෆ්. අබේවික්‍රම මහතා - අධ්‍යක්ෂ, උයනගේ ටියුඩර් මහතා - අධ්‍යක්ෂ,  දීගොඩ ගමගේ රත්නදාස මහතා - අධ්‍යක්ෂ, ඉරේෂා ලක්ෂ්මි ලියනගේ මිය - අධ්‍යක්ෂ,  එච්.එච්. විශාඛා ශ්‍රීමාලි මිය - අධ්‍යක්ෂ, ටිරෝන් ආනන්ද පතිරණ මහතා - අධ්‍යක්ෂ, අයි. අසිත් චාමර මහතා - අධ්‍යක්ෂ, ලතිත් ප්‍රභාත් කුමාර මහතා - අධ්‍යක්ෂ,  කමල් නිශාන්ත නානායක්කාර මහතා - අධ්‍යක්ෂ.

(ii) සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව ගෙන ඇති නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ඇමුණුම 02හි දක්වා ඇත.

ඇමුණුම 01 සහ 02  සභාගත* කරමි.

ගරු මන්ත්‍රීතුමනි, ඒ අනුව විවිධ ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තිබෙනවා. ඉන් කීපයක් මම සඳහන් කරන්නම්.

1. 2011.03.13 වන දින සභාපති ධුරය දැරූ සමන්ත දිලාන් වැලිගමගේ මහතා 2014.02.08 වන දින මහා සභා ඡන්දයෙන් නැවතත් දෙවන වරට සභාපති ධුරයට පත්වී ඇති අතර, 2014.07.02 සමුපකාර පනතේ 60 (2) වගන්තිය ප්‍රකාරව ධුරයෙන් ඉවත් කර ඇත.

2. ඔහු 2015.12.12 වන දින තෙවන වරටත් මහා සභා ඡන්දයෙන් සභාපති ධුරයට තේරී පත් වී ඇති අතර 2016.01.08 වන දින නැවත සමුපකාර පනතේ 60 (2) වගන්තිය ප්‍රකාරව ධුරයෙන් ඉවත් කර ඇත.

3. එයට එරෙහිව ඔහු විසින් ගාල්ල මහාධිකරණයේ අංක SPGA/HC/Writ/23/2016 දරන නඩුව පවරා අත්හිටුවීමේ නියෝගයක් ලබාගෙන 2017.08.19 වන දින දක්වා සභාපති ධුරයේ රැඳී සිට ඉල්ලා අස්වී ඇත.

4. 2017.08.22 වන දින සමුපකාර සමිති රීති මාලාවේ 18.(1) වගන්තියේ විධිවිධාන පරිදි කොමසාරිස්වරයා විසින් සමිතියේ මහා සභාව කැඳවා මහා සභාවට කරුණු ඉදිරිපත් කර පැවති අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලදී.

5. 2014.04.27 සිට 2015.03.18 වන දින දක්වා කාලයට සමුපකාර පනතේ 46.(1) වගන්තිය ප්‍රකාරව විභාගයක් සිදු කර ඇත.

6. එකී විභාගයෙන් රු. 20,727,131.43ක මූල්‍ය හානි හා මූල්‍ය වංචා අනාවරණ කර ගෙන ඇත.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මුදල් ගෙවීම සඳහා කටයුතු කරගෙන යන බව තමයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks