පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-07
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කය තුළ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළෙන කර්මාන්තකරුවන්ගෙන් කැටයම් ශිල්පයේ නිරත වන ශිල්පීන් බහුතරයක් අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ පිහිටා ඇති වටරැක, හීන්පැන්දල, කලේගාන, මාම්පිටිය හා බෝපේ පෝද්දල යන ප්‍රදේශවල ජීවත් වන පවුල් වේ.
(ii) ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවත් වන ලී කැටයම් ශිල්පීන් කොරෝසා වසංගතයෙන් පමණක් නොව, පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඇති වූ සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් හා සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ගැටලු නිසා අත්කම් භාණ්ඩ සඳහා වන පොදු ගැටලු මෙම නිෂ්පාදන සඳහා ද බලපා ඇත. අළෙවිකරණ ගැටලු විසඳීම සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත.
(ආ) (i) ජාතික ශිල්ප සභාවේ ලියා පදිංචි ශිල්පීන් සංඛ්‍යාව 326කි.
(ii) 1. කළුවර දැව ලබා ගැනීම සඳහා දැව සංස්ථාව හරහා දැව බලපත්‍ර ලබා දීමට සහාය වීම.
2. ජාතික ශිල්ප සභා දකුණු පළාත් කාර්යාලය පිහිටි සිප්නාරා ගොඩනැගිලි පරිශ්‍රයේ කොටසක් ශිල්පීන්ගේ නිර්මාණ අළෙවි කිරීම සඳහා වෙන් කර දීම.
3. වෛද්‍ය හෝ වෙනත් විශේෂ හේතූන් මත කර්මාන්තය කරගෙන යාමට නොහැකි ශිල්පීන් වෙත රුපියල් 3,000ක හෝ රුපියල් 2,500ක මාසික දීමනාවක් ලබා දීම.
4. 2021 වසරේ අමාත්‍යාංශය මඟින් ජාතික ශිල්ප සභාව විසින් ක්‍රියාත්මක කරන ග්‍රාමීය හා සාම්ප්‍රදායික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ නිර්මාණ වැඩිදියුණු කිරීම, ප්‍රමිතිය වර්ධනය කිරීම, අළෙවිකරණ අවස්ථා පුළුල් කිරීම හා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා දැනුම වර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.
5. ලක්ශිල්ප වෙළෙඳ නාමය ප්‍රවර්ධනය කර, දීප ව්‍යාප්තව ජාතික ශිල්ප සභාවේ ලක්ශිල්ප අළෙවිසැල් හරහා අළෙවි කිරීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කිරීම.
6. විද්‍යුත් අළෙවිකරණ පද්ධතිය මඟින් (www.lakshilpa.lk) අළෙවි අවස්ථා පුළුල් කිරීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks