පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-20
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 1. Grant Government Medical College, India
2. Melaka Manipal Medical College, Malaysia
3. Pirogov Russian National Research Medical University, Russia
4. Riga Stradins University, Latvia
5. Peoples’ Friendship (RUDN) University, Russia
6. Taylor’s University, Malaysia
7. Tver State University, Russia
8. International Education College, Dalian Medical University, China
(iii) මෙම වෛද්‍ය උපාධි පාඨමාලා, 2020 නොවැම්බර් 03 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද "වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහා වන නියෝගයන්හි" සඳහන් අවම ප්‍රමිතීන්ට අනුකූල නොවේ.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන්, අංක 2055/54 දරන 2018 ජනවාරි 26 දිනැති සහ අංක 2155/15 දරන 2019 දෙසැම්බර් 26 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයන්හි පළ කර ඇත.
(ආ) (i) වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව තොරතුරු විශ්ව විද්‍යාල මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත දැනුම් නොදෙන බැවින් නිශ්චිත සංඛ්‍යාවක් පැවසිය නොහැක.
නමුත් ශ්‍රී ලංකාවට නැවත පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපාධි අනුමැතිය අපේක්ෂාවෙන් සිටින එම විශ්ව විද්‍යාලවල උපාධිධාරින් සංඛ්‍යාව ඇමුණුමෙහි** සඳහන් වේ.
(ii) වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතිය පවත්වාගෙන යාමේ නියෝගයන් 2020 නොවැම්බර් 03 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද බවට 2021 අප්‍රේල් මස 10 වන දින අංක 2222/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එම අවම ප්‍රමිතීන්ට අනුකූල වන තෙක් අදාළ විශ්ව විද්‍යාල පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සලකා බැලිය නොහැක.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks