පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
609/2020
ගරු දිලිප් වෙදආරච්චි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1818 සහ 1819 වර්ෂවලදී සිදු වූ ඌව-වෙල්ලස්ස සටනට හම්බන්තොට ප්‍රදේශයෙන් නායකත්වය දුන් විරුවන් පිළිබඳ තොරතුරු, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශයේ නිලධාරියෙකු විසින් සිදු කරනු ලබන පර්යේෂණයේ ප්‍රගතිය කවරේද;
(ii) එම විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බවට තොරතුරු ලැබී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම විරුවන්, ජාතික වීරවරයන් ලෙස නම් කිරීම සුදුසු බවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යෝජනා කර ඇති බව එවකට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) වෙත යොමු කළ 2020.01.14 දිනැති ලිපියේ සඳහන් වන බව දන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව මීට අදාළ ලේඛන නොමැති බව එම දෙපාර්තමේන්තුව 2019.07.22 දිනැතිව ලේකම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත දන්වන ලද ලිපිය හේතුවෙන් සංවර්ධන නිලධරයෙකු 2019.08.19 වන දින පත්කර ඇත. ඔහු විසින් ඒ පිළිබඳව කිසිදු ලේඛනමය සාක්ෂි කිසිවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොයාගෙන නොමැත.
(ii) පැන නොනඟී.
(ආ) (i) ඔව්.
(ii) අදාළ විෂය පිළිබඳ විද්වතුන් මෙම අමාත්‍යාංශය සතුව නොමැති බැවින්, එකී කර්තව්‍ය ඉටු කර දීමේ හැකියාවක් මෙම අමාත්‍යාංශය සතුව නොමැති බව 2020.01.14 දිනැති ලිපියට පිළිතුරු වශයෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික උරුමයන් පිළිබඳ කටයුතු) වෙත අංක CA/NH/04/01/01 - පොදු III හා 2020.01.23 දිනැති ලිපිය මඟින් මෙම අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks