01

E   |     |  

 දිනය: 2021-01-20   පිළිතුර ලබා දී ඇත 

0603/2021: කාගොල්ලෑව හන්දියේ සිට කටුකැලියාව හන්දිය දක්වා මාර්ගය: අලුත්වැඩියාව

----

අසන ලද දිනය

2021-01-20

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ආසිරිගම මාර්ගයේ කාගොල්ලෑව හන්දියේ සිට කටුකැලියාව හන්දිය දක්වා වූ මාර්ගය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයකි. මෙහි දුර කිලෝ මීටර් 02ක් පමණ වන අතර, එම මාර්ගය කටුකැලියාව වැව් බැම්ම මතින් වැටී ඇත.

           2017 වර්ෂයේ අනුරාධපුර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් බෝක්කු 02ක් යොදා බොරලු අතුරා මාර්ගය පිළිසකර කර ඇති අතර, එම මාර්ගයේ මීටර 200ක පමණ දුර ප්‍රමාණයක් කුට්ටිගල් අතුරා සංවර්ධනය කර ඇත. එසේම දැනට මාර්ගය ගමනාගමනය සඳහා සුදුසු මට්ටමේ පවතී.

(ආ) (i) මෙම මාර්ගය තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව  පිළිබඳව අදාළ ප්‍රාදේශීය සභාව මඟින් විමසා ප්‍රමුඛතාව ලබා දිය යුතු මාර්ගයක් නම්, ඉදිරි පියවර ගැනීමට විශේෂයෙන් මැදිහත් වෙලා කඩිනමින් ඒ කටයුතු කරනවා.

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks