01

E   |     |  

 දිනය: 2021-01-05   පිළිතුර ලබා දී ඇත 

0601/2021: Progress in Central Expressway

601/2020

ගරු උදයන කිරිඳිගොඩ මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මධ්‍යම අධිවේගී මාර්ග —

              (i)       ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

             (ii)       ව්‍යාපෘතියට මේ වනවිට වැය කර ඇති මුදල කොපමණද;

            (iii)       ව්‍යාපෘතිය අවසන් කිරීමට වැය කළ යුතු ඉතිරි මුදල කොපමණද;

(iv) ව්‍යාපෘතිය අවසන් කිරීමට යෝජිතව තිබූ දිනය කවරේද;

(v) ව්‍යාපෘතියට අදාළව පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතා/ප්‍රමාදයන් හේතුවෙන්  එය අවසන් කළ හැකි යැයි අනුමාන කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු —

(i) භාර දී ඇති සමාගම් කවරේද;

(ii) ප්‍රමාද කොට ඇති සමාගම්වලට එහි ඉදිකිරීම් කටයුතු නැවත පවරන්නේද;

යන්නත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ව්‍යාපෘතියේ මහනුවර නගරයට ආසන්න අවසන් පිවිසුම ඇති ප්‍රදේශය කවරේද;

(ii) මහනුවර සිට ගලගෙදර දක්වා වූ මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය හේතුවෙන් ඒ ඔස්සේ අධිවේගී මාර්ගයට පිවිසීමට විනාඩි 30 - 45 අතර කාලයක් ගත වන බැවින් මහනුවර ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වීමට පිවිසුම් මාර්ග සකස් කරන්නේද;  

(iii) එසේ නම්,  එම අධිවේගී පිවිසුම් ඉදිකරනු ලබන ප්‍රදේශ කවරේද;

යන්න වැඩිදුරටත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-05

අසන ලද්දේ

ගරු නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks