පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-05-21
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ පවතින රජයේ පාසල් 08ක හඳුනා ගත් මානව හා භෞතික සම්පත් යම් ප්‍රමාණයක හිඟයක් පවතී.
එනමුත් ඩෙල්ෆ් පාසල්වල දෛනික ඉගෙනුම් හා ඉගැන්වීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරනු ලැබේ. ගුරු සිසුන් අනුපාතය 1:7 කි. අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් පන්ති කාමර ද ඇත. එතෙකුදු වුවත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් සංවර්ධනය කර ගැනීම සඳහා අඩු පාඩු වශයෙන් හඳුනාගෙන ඇති මානව හා භෞතික සම්පත් ඉදිරියේදී සපුරාලීමට නියමිතව ඇත.
(ii) ඔව්.
ඩෙල්ෆ් යනු යාපනය අර්ධද්වීපයේ දූපත් 07න් එකක් වන අතර, ඩෙල්ෆ් කළමනාකරණය කරනු ලබන්නේ වේලනායි දූපත් කලාපීය අධ්‍යාපන කාර්යාලය විසිනි.
මෙම දූපතට යාම සඳහා මුහුදු මාර්ගය පමණක් ඇති අතර, ප්‍රවාහන පහසුකම් සපයන බෝට්ටු 02ක් ඇත.
මෙම තත්ත්වය යටතේ නිශ්චිත වේලාවක (දිනකට දෙවරක්) පමණක් මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටු ගමන් ක්‍රමය ලබා ගැනීමට සිදු වන අතර, ප්‍රවාහන අපහසුතා මැද සිසුන්ට සහ ගුරුවරුන්ට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වී ඇත.
ඩෙල්ෆ් තුළ යාමට ඇති මාර්ග දුර්වල තත්ත්වයේ පවතින හෙයින්, සිසුන්ට හා ගුරුවරුන්ට විශාල අරගළයකට මුහුණ දීමට සිදුව ඇති අතර ඩෙල්ෆ්වලට ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් එක් බස් රථයක් පමණි. මෙම බස් රථ සේවයෙන් ප්‍රතිලාභ ලබන්නේ ඩෙල්ෆ් දූපතේ පාසල් අටෙන් පාසල් තුනක සිසුන් හා ගුරුවරුන් පමණි.
(ආ) (i) ඩෙල්ෆ් කොට්ඨාසයේ ඉහළ ද්විතීයික පාසල්, 1C පාසල් යටතේ වර්ගීකරණය කර ඇති බැවින් ගණිතය හා විද්‍යාව විෂය ධාරාව ආරම්භ කිරීමට අවසර ලබා දී නැත.
කෙසේ වෙතත් "ජාතික පාසල් 1,000ක් සංවර්ධනය කිරීමේ" වැඩසටහන සඳහා යා/ඩෙල්ෆ් මහා විද්‍යාලය ද ඇතුළත් කර ඇත. එම වැඩසටහන යටතේ තවදුරටත් අවශ්‍ය සම්පත් ලබා දී යා/ඩෙල්ෆ් මහා විද්‍යාලය ජාතික පාසලක් වශයෙන් උසස් කිරීමේදී එහි උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීමේ හැකියාව ඇත.
(ii) පසුගිය අවසන් වසර 03හි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විෂය ධාරාව සඳහා සුදුසුකම් ලැබූවන්ගේ සංඛ්‍යාව හා එම විෂය ධාරා හැදෑරීම සඳහා පාසල හැර යන සිසුන් සංඛ්‍යාව යනාදී කරුණු ද සැලකිල්ලට ගෙන, ජාතික පාසල් 1,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ යා/ඩෙල්ෆ් මහා විද්‍යාලය ජාතික පාසලක් වශයෙන් උසස් කිරීමේදී අවශ්‍ය රසායනාගාර පහසුකම් ස්ථාපිත කර, ප්‍රමාණවත් ගුරු සේවක සංඛ්‍යාවක් ලබා දී, පාසලට අවශ්‍ය භෞතික සම්පත් හා සේවක ඌනතා සම්පූර්ණ කිරීමත් සමඟ උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂය ධාරාව ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks