පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-12
අසන ලද්දේ
ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) ඔලුවිල් වරායේ දියකඩන ඉදිකළ පසු ඔලුවිල් වරායට ඉහළ ප්‍රදේශයේ ඛාදන තත්ත්වයක් වාර්තා වී තිබූ අතර එය අවම කර ගැනීමට රොක් බෝල්ඩර්ස් (Rock Boulders) ගල්පර යෙදීමක් තාවකාලික පියවරක් ලෙස ද ස්ථිර විසඳුමක් දීර්ඝකාලීනව සෙවීමට ඩැනිඩා ජලහසුරු ආයතනය (DHI) සම්බන්ධ කර ගනිමින් අධ්‍යයනය කර වාර්තා ලබා ගැනීමක් ද සිදු කර ඇත.
(ii) ඔලුවිල් වරායට ඉහළ ප්‍රදේශයේ සාගර ඛාදනය වැළැක්වීමට වැලි යෙදීමක් කර නොමැති අතර ඛාදනය දරුණු වූ ස්ථානවල (Rock Boulders) ගල්පර යොදා ඛාදනය අවම කිරීමට කටයුතු කර ඇත.
(iii) දැනට මෙම ඛාදන තත්ත්වය ස්ථිරව නවතා දැමීම සඳහා ඩැනිඩා ජලහසුරු ආයතනය (DHI) විසින් අධ්‍යයන වාර්තාවක් ලබාදී ඇති අතර එම වාර්තා ද පදනම් කර ගනිමින් උද්ගතව ඇති තත්ත්වය සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට වරාය අධිකාරිය ක්‍රියා කරමින් සිටියි.
(iv) ඉහත අධ්‍යයන වාර්තා අනුව ඉතා කඩිනමින් නුදුරු කාලයේ ස්ථිර විසඳුමක් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවතී.
(ඇ) නැත. (විකල්ප ඉඩම් ලබා දී ඇත.)
ඉඩම් හිමියන් දෙදෙනෙකු විසින් උසාවි නඩු පවරා ඇති බැවින් හා ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් හිමියන් 6 දෙනෙකුට වන්දි ප්‍රදානය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දී නොමැති බැවින් වන්දි ලබා දී නොමැත.
(ඈ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) වරදක් සිදුවී නොමැත.
(iv) ඔලුවිල් වරාය ව්‍යාපෘතියේදී නිවාස අහිමි වූ 58 දෙනෙකුට ඩෙන්මාර්ක් රජයේ ආධාරයෙන් නිවාස සාදා ලබා දී ඇත. වෙනත්, පොදු පහසුකම් ලබාදීම සඳහා වරාය අධිකාරිය පොරොන්දු වී නොමැත.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks