01

E   |     |  

 දිනය: 2021-03-10   පිළිතුර ලබා දී ඇත 

0589/2021: මහයියාව ගම්මානය: නව නිවාස යෝජනා ක්‍රමය

----

අසන ලද දිනය

2021-03-10

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       මහයියාව ගම්මානය මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටා ඇත.

(ආ)          (i)      නිවාස සංඛ්‍යාව 250 (දෙසිය පනහක්) පමණි.

              (ii)         පවුල් සංඛ්‍යාව 250 (දෙසිය පනහක්) පමණි.

              (iii)      ලියාපදිංචි අංක සහිත විදුලි පහසුකම් ඇති නිවාස සංඛ්‍යාව 732 (හත්සිය තිස්දෙකක්) පමණි.

              (iv)      මූලික පවුල් 732 (හත්සිය තිස්දෙකක්) පමණි. අනු පවුල් 432 (හාරසිය තිස්දෙකක්) පමණි. (2017 වර්ෂයේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණය අනුව.)

(ඇ) (i) නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක් පාර්ශ්වයක් ලෙසත්, මහනුවර මහා නගර සභාව අනෙක් පාර්ශ්වය ලෙසත් සම්බන්ධ වෙමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘති යෝජනාව සැලසුම් කර ඇත.

(ii) නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වූ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර ගරු අමාත්‍යතුමා වෙතින් පිළිතුරු ලබා ගැනීම සුදුසු වේ.

(iii) ඉහත පිළිතුරම අදාළ වේ.

 (ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks