පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
578/2020 ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාතේ එක් එක් දිස්ත්‍රික්කයෙන් පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද; (ii) එම ප්‍රමාණය උතුරු පළාතේ සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) මෙලෙස ඉඩම් පවරා ගැනීමේදී, පෞද්ගලික ඉඩම්, කෘෂිකාර්මික වැව්, කෘෂිකාර්මික ඉඩම් සහ පශු සම්පත් සඳහා වු තෘණ භූමි ඉඩම් ද පවරාගෙන ඇති අතර එය ජනතාවගේ ජීවනෝපායට මෙන්ම සහජීවනයටද අහිතකර ලෙස බලපෑම් කර ඇති බව එතුමා දන්නෙහිද? (ඇ) උක්ත ඉඩම් පවරා ගැනීමේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පළාත් ඉඩම් කොමසාරිස්වරයාගේ උපදෙස් ලබා නොගැනීමට හේතු කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-04
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක් එක් දිස්ත්‍රික්කවලින් ඉඩම් පවරා ගෙන නොමැති අතර, වනාන්තර ලෙස කළමනාකරණය කළ හැකි රජයේ ඉඩම් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මෑත භාගයේදී එනම් 2012 වසරෙන් පසු වනාන්තර ගැසට් කිරීමේදී GPS තාක්ෂණය මඟින් එම භූමි භාගය තුළ පවතින රජයේ ඉඩම් පමණක් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
එසේ රක්ෂිත හා සංරක්ෂිත ලෙස ගැසට් කර ඇති වනාන්තර ලැයිස්තුව දිස්ත්‍රික්ක වශයෙන් ඇමුණුම 01හි දක්වා ඇත.
ඇමුණුම 01 සභාගත* කරමි.
(ii)
|
උතුරු පළාතේ සමස්ත භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර) |
888,400 |
|
උතුරු පළාතේ ගැසට් මගින් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර) |
392,164 |
|
ගැසට් මගින් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමි ප්‍රමාණය උතුරු පළාතේ සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස |
44% |
(ආ) එක් එක් දිස්ත්‍රික්කවලින් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී ඒ සඳහා යොදා ගෙන ඇත්තේ වනාන්තර ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ඇති රජයේ ඉඩම් පමණි.
(ඇ) ඉඩම් පවරා ගැනීමක් සිදුකර නොමැති අතර, ගැසට් මගින් වනාන්තර ප්‍රකාශයට පත් කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks