E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0565/2021: කුරුණෑගල ශික්ෂණ රෝහල: අඩු පාඩු

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     ඔව්.

(ආ)         (i)      කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇති වාට්ටු සංඛ්‍යාව 60යි.

              (ii)      කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින ඇඳන් සංඛ්‍යාව 2,355යි.

(ඇ)         (i)      පවතින පහසුකම් කළමනාකරණය කරමින් දැනට සේවා සැපයීම අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඇත්තටම කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉඩකඩ පුළුල් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් ඔබතුමාත්, අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සමඟ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කුරුණෑගලදී සාකච්ඡාවක් පැවැත්වූවා. අපේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් එයට සහභාගි වුණා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. මේ රෝහලට අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳව සහ ඒ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව මේ මාසයේ -ලබන බ්‍රහස්පතින්දා හවස තුනහමාරට- සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වනවා. එම රෝහල වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ඒ සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන කාරණය හරි. එම රෝහල තවදුරටත් වැඩි දියුණු කළ යුතු බව අපි පිළිගන්නවා. මොකද, කුරුණෑගල ශික්ෂණ රෝහල කියන්නේ ලංකාවේ තිබෙන ප්‍රධාන ශික්ෂණ රෝහලක්. එහි තිබෙන අඩු පාඩු අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා.

(ii) දැනට හෘද රෝග ඒකකය හා කැතීටකරණ රසායනාගාරය සහ විකිරණ ඒකකය පුළුල් කර ස්ථාපනය කිරීම ජයිකා ආධාර යටතේ ආරම්භ කර තිබෙනවා. අඩක් නිමකර ඇති වාට්ටු ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා estate of late Mrs. Eileen De Mel හරහා ආධාර ලබා දීමට එකඟ වී ඇත. එමෙන්ම‍ රෝග නිශ්චය කිරීමේ පහසුකම් හා වෛද්‍ය සහ ශල්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමට මහල් හතකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමටත් යෝජනා කර තිබෙනවා.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks