බලන්න

04

E   |     |  

 දිනය: 2021-01-20   පිළිතුර ලබා දී ඇත 

0558/2021: ගල්බොක්කයාය රක්ෂිතයේ අනවසර ඉදිකිරීම්: ඉවත් කිරීම

558/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේවහූව ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි ගල්බොක්කයාය නම් ගමෙහි, ගලේවෙල-කලා වැව පාරේ, බුලන් වැව ගල් කොරියට හා ප්‍රධාන මාර්ගයට යාබදව ඇති භූමිය, රක්ෂිතයක් බැවින් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන බවත්; (ii) 2020.09.22 වන දින අලුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් ඉහත භූමිය තුළ ස්ථිර ගොඩනැගිල්ලක් හා තාවකාලික ඉදිකිරීම් කීපයක් සිදුකර ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) මෙම ඉදිකිරීම් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය ලැබී තිබේද; (ii) නොඑසේ නම්, වෙනත් වගකිව යුතු රාජ්‍ය නිලධාරියකු හෝ ආයතනයක අනුමතිය ලැබී තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) නොඑසේ නම්, මෙම ඉදිකිරීම් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නේද; (ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-20

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      එම ප්‍රදේශය මාර්ග රක්ෂිත ප්‍රදේශයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රදේශයක් නොවේ.

              (ii)      ඉදිකිරීම් සිදුකර ඇති බව අනාවරණ  විය.

(ආ)          (i)      ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලැබී නැත.

              (ii)      නැත.

(ඇ)          (i)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් නොවන බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගනු නොලැබේ.     

              (ii)      මාර්ග සංවර්ධන අධිකාරිය සතු භූමියකි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනය දැනුවත් කර ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks