පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
557/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාළු විදීමේ ක්‍රීඩාවේ යෙදීම සඳහා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්; (ii) ඔලිම්පික් ක්‍රීඩාවක් වන මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නොහැකි වන පරිදි නීති සැකසී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැවත එම ක්‍රීඩාවේ යෙදීමට හැකි වන පරිදි ඉහත නීති සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-20
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මාළු විදීමේ ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ පිළිනොගැනෙන අතර, එහෙත් විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලීමට සංචාරකයන් මෙරටට පැමිණෙන නමුත් අදාළ තොරතුරු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව නොමැත.
(ii) මාළු විදීමේ ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් නොවන අතර, 2017.03.03 දිනැති අංක 2008/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් 1996 අංක 2 දරන ධීවර ජලජ සම්පත් පනතට සකස් කරන ලද නියෝග අනුව කිසිදු තැනැත්තකු විසින් ස්පියර් තුවක්කුවක් භාවිත කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ ධීවර බෝට්ටුවක් තුළ තබා ගැනීම නොකළ යුතුය. කිසිදු තැනැත්තකු විසින් ශ්‍රී ලංකා ජල තීරය තුළ ස්පියර් තුවක්කු හෝ අතෙහි රඳවන උල් කරන කූරු භාවිත කරමින් ධීවර මෙහෙයුම්වල නිරත නොවිය යුතුය යන්න සඳහන් වේ.
(ආ) ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩාව ද ධීවර විෂය භාර අමාත්‍යවරයාගේ සහයෝගයෙන් පනතේ සංශෝධන ඇති කරමින් ක්‍රියා කිරීමට කටයුතු කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks