පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
556/2020 ගරු අශෝක් අබේසිංහ මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ ප්‍රධාන ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද; (ii) එම යෝජනා ක්‍රම මඟින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද; (iii) එමඟින් ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ග්‍රාම නිලධාරි වසම්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද; (v) එම ජල යෝජනා ක්‍රම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය එක් එක් යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; (vi) එම ජල යෝජනා ක්‍රම අවසන් කිරීමට නියමිත කාල සීමාව එක් එක් යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑස් නම් ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-19
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව 04කි.
1. විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය
2. දැදුරු ඔය ජල යෝජනා ක්‍රමය
3. අලව්ව - පොල්ගහවෙල - පොතුහැර ජල යෝජනා ක්‍රමය
4. තෝරයාය ජල ව්‍යාපෘතිය
ඉහත ජල යෝජනා ක්‍රම පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළද, ඒවා ක්‍රියාත්මක කිරීම සිදු කරන ලද්දේ වත්මන් ආණ්ඩුව යටතේයි.
(ii) එම ජල යෝජනා ක්‍රම මඟින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 09කි.
1. කුරුණෑගල 2. මල්ලවපිටිය
3. මාස්පොත 4. මහව
5. පොල්පිතිගම 6. අලව්ව
7. පොල්ගහවෙල 8. වීරඹුගෙදර
9. මාවතගම
(iii) ජල යෝජනා ක්‍රම මඟින් ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත පරිදි වේ.
(iv) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව ඇමුණුම්වල සඳහන්ව තිබෙනවා. 01, 02, 03 යනුවෙන් ඇමුණුම් තුනක් තිබෙනවා.
|
අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස |
ග්‍රාම නිලධාරි වසම් (ඇමුණුම් අංක) |
|
01 |
කුරුණෑගල |
ඇමුණුම 01, 03 |
|
02 |
මල්ලවපිටිය |
ඇමුණුම 01, 03 |
|
03 |
මාස්පොත |
ඇමුණුම 01 |
|
04 |
මහව |
ඇමුණුම 02 |
|
05 |
පොල්පිතිගම |
ඇමුණුම 02 |
|
06 |
අලව්ව |
ඇමුණුම 03 |
|
07 |
පොල්ගහවෙල |
ඇමුණුම 03 |
|
08 |
වීරඹුගෙදර |
ඇමුණුම 03 |
|
09 |
මාවතගම |
ඇමුණුම 01 |
ඇමුණුම 01, 02 සහ 03 මා සභාගත* කරනවා.
(v) ප්‍රධාන ජල යෝජනා ක්‍රම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයන් පහත පරිදි වේ.
|
අංකය |
ජල යෝජනා ක්‍රමය |
වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය |
|
01 |
විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය |
ඇමෙරිකානු ඩොලර් මිලියන 77.3 |
|
02 |
දැදුරුඔය ජල ව්‍යාපෘතිය |
ඇමෙරිකානු ඩොලර් මිලියන 58.155 |
|
03 |
අලව්ව-පොල්ගහවෙල-පොතුහැර ජල යෝජනා ක්‍රමය |
ඇමෙරිකානු ඩොලර් මිලියන 108 |
|
04 |
තෝරයාය ජල ව්‍යාපෘතිය |
ඇමෙරිකානු ඩොලර් මිලියන 0.39 (මෙය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන අතර, වර්තමාන විනිමය අනුපාතය මත මෙම මුදල ගණනය කර ඇත.) |
(vi) ප්‍රධාන ජල යෝජනා ක්‍රම අවසන් කිරීමට නියමිත කාල සීමාවන් පහත පරිදි වේ.
|
අංකය |
ජල යෝජනා ක්‍රමය |
අවසන් කිරීමට යෝජිත කාලසීමාව |
|
01 |
විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය |
වර්ෂ 2019 දී අවසන්ව ඇත. |
|
02 |
දැදුරුඔය ජල ව්‍යාපෘතිය |
වර්ෂ 2020 දී අවසන් කර ඇත. |
|
03 |
අලව්ව-පොල්ගහවෙල-පොතුහැර ජල යෝජනා ක්‍රමය |
වර්ෂ 2022 |
|
04 |
තෝරයාය ජල ව්‍යාපෘතිය |
වර්ෂ 2021 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks