පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
545/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති රූමස්සල කන්ද ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවට පත් කර ඇති බව එතුමා දන්නෙහිද? (ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තීරණය ගැනීමේදී එම කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු නොකළ යුතු, රජයට අයත් ඉඩම් කොටස් නම් කර ඇති අතර එවැනි නම් කිරීමක් කළ හැකිද; (ii) මෙම තීරණය හේතුවෙන්, මේ වනවිට අපහසුතාවයට පත්වී සිටින පෞද්ගලික ඉඩම් හිමියන්ට සහනයක් ලබා දෙන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-19
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන (සංශෝධන) පනතෙහි 8 (ඊ) වගන්තිය අනුව නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2019.06.28 දින අනුමත කරන ලද මහගාල්ල නාගරික සංවර්ධන ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්ම අනුව රූමස්සල කන්ද ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවට පත් කර ඇති බව දනිමි. එසේ වුවද, මහගාල්ල නාගරික සංවර්ධන ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය විය යුතු බව අනාවරණ වීම හේතුවෙන් 2020.12.15 දින අවලංගු කර ඇත. අවලංගු වූ ගැසට් පත්‍රය වෙනුවට සංශෝධන ඇතුළත්ව සැකසූ නව ගැසට් පත්‍රය 2021 ජනවාරි මාසය තුළ නිකුත්වීමට නියමිතය.
(ආ) (i) එවැනි නම් කිරීමක් කළ හැකිය. 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 29 වන වගන්තියෙහි උපලේඛනයෙහි (2) හා (3) අනුවගන්ති යටතේ විවිධ කාර්ය සඳහා ඉඩම් කොටස්වලට බෙදීම, වෙන් කිරීම හෝ කලාපගත කිරීමටත්, ඉදිකිරීම් සහ ඉඩම් සම්බන්ධ පාලන කටයුතු සිදු කිරීමට සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි හා සීමා පැනවීමටත් නාගරික සංවර්ධන අධිකාරියට බලය ඇත.
(ii) සහනයක් ලබා දිය නොහැකිය.
(ඇ) නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් අනෙකුත් ප්‍රදේශ හා සංසන්දනය කිරීමේදී රූමස්සල කන්ද ප්‍රදේශය පාරිසරික සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින්, මහගාල්ල නාගරික සංවර්ධන ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්මට අනුව රූමස්සල කන්ද ප්‍රදේශයෙහි ප්‍රධාන කලාප 4ක් වෙන් කර එක් එක් කලාපවලට සුදුසු වූ භාවිත සඳහා පමණක් අවසර ලබා දී ඇත. 2021 ජනවාරි මාසය තුළ නිකුත්වීමට නියමිත සංශෝධන ඇතුළත් සැලැස්මෙහි ද මෙම කලාප සහ භාවිතය පෙර සැලැස්මෙහි පරිදිම ඇතුළත්ව ඇති බැවින් අවසර ලබාදෙන භාවිත හැර ඉන් පරිබාහිර භාවිත සඳහා අවසර ලබාදිය නොහැක. එසේම මෙම රූමස්සල විශේෂ ආරක්ෂණ කලාපයෙන් සියයට 30ක ප්‍රමාණයක් පමණක් ස්වාභාවික සංරක්ෂණ කලාපය ලෙස හඳුනාගෙන ඇති අතර, එම අධිසංවේදී පාරිසරික කලාපය තුළ පවතින ජෛව විවිධත්වය හා ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීම උදෙසා හඳුනාගත් සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා පමණක් අනුමැතිය ලබා දෙනු ලැබේ.
පිළිතුරු දුන් දිනය
2021-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks