පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-21
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහනගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශයට අයත් නම් නාගරික සංවර්ධන අධිකාරිය. මෙම ආයතන මඟින් අවසර ලබාදීමේ දී විෂයය ක්ෂේත්‍රයට අදාළ ආයතන මඟින් එම අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගනී. විශේෂයෙන් නායයෑම් අවදානම් ප්‍රදේශවල සිදුකරන ඉදිකිරීම් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
(ii) ඉඩම් ඔප්පුව, ඉදිකිරීම සඳහා අනුමත ගොඩනැඟිලි සැලසුම සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීම. (ඉදිකිරීම් ස්ථානය හා ස්වභාවය අනුව අදාළ අනෙකුත් ආයතනවල නිර්දේශ ලබා ගැනීම)
නායයෑම් අවදානම් හඳුනාගත් ප්‍රදේශවල සිදුකරන ඉදිකිරීම්වලදී අදාළ පළාත් පාලන ආයතන ඉදිකිරීම් අනුමැතිය ලබා ගැනීමට අදාළ අයදුම්පත ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ සඳහා යොමු කළ යුතුය.
(iii) බොහෝ ප්‍රදේශවල මෙම ක්‍රියාදාමය සිදු වේ. කෙසේ නමුත්, සමහර පළාත් පාලන ආයතනවල මෙම ක්‍රියාදාමය ඍජුවම සිදු නොවේ.
(iv) ගොඩනැඟිලි ඉදිකිරීමේ දී අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කිරීම අවශ්‍ය වන අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ ලබා ගැනීම නීතිගත කිරීම පිණිස යෝජිත ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතන පනතට ඇතුළත් කර තිබේ.
(ආ) (i) අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය සමඟ නාගරික සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය සහ සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතනවලින් ද විෂය පථයට අදාළ අනුමැතිය ලබා දේ.
(ii) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් ඍජු අධීක්ෂණයක් සිදු නොවේ.
(iii) අධීක්ෂණයක් සිදු නොවේ.
(iv) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks