බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0529/2020: Grama Niladari divisions in Anuradhapura District

529/2020 ගරු රෝහණ බංඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායේ නම් කවරේද; ‍ (iii) එම ග්‍රාම නිලධාරි වසම් අතරින් මේ වනවිට ස්ථිර ග්‍රාම නිලධාරින් සිටින වසම් සංඛ්‍යාව කොපමණද; (iv) ස්ථිර ග්‍රාම නිලධාරින් නොමැති වසම් සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ස්ථිර ග්‍රාම නිලධාරින් නොමැති වසම්වල ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      694යි.

              (ii)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් ඇමුණුමෙහි දක්වා තිබෙනවා.  ඇමුණුම සභාගත* කරනවා.

             (iii)      608යි.

             (iv)      86යි.

(ආ)     ග්‍රාම නිලධාරි තනතුර සඳහා නිලධාරින් බඳවා ගැනීම සිදු කරන්නේ තරග විභාගයකින් පමණි. ඒ අනුව 2016 වර්ෂයේ පැවැති තරග විභාගයේ ප්‍රතිඵල මත තුන්වන වටය සඳහා වන නවක නිලධාරින් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී. එම නිලධාරින් බඳවා ගැනීමෙන් අනතුරුව තවදුරටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ලබන වර්ෂයේ නව තරග විභාගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතුද මේ වනවිට සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks