පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
526/2020
ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම එක් එක් පාසලේ මේ වනවිට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-06
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහල මාධ්‍ය ජාතික පාසල් සඛ්‍යාව 05ක් වන අතර දෙමළ මාධ්‍ය ජාතික පාසල් සංඛ්‍යාව එකකි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 06ක් පිහිටා ඇත.
(ii) සිංහල මාධ්‍ය
01. අ/අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
02. අ/ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය
03. අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
04. අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය
05. අ/කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය
දෙමළ මාධ්‍ය
01. අ/සහිරා ජාතික පාසල
(iii) අ/සහිරා ජාතික පාසලේ පමණක් ගුරු පුරප්පාඩු 21ක් ඇත.
(ආ) ඉහත සඳහන් දෙමළ මාධ්‍ය ජාතික පාසලට අදාළ ගුරු පුරප්පාඩු 2021 වර්ෂය සඳහා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් හා නව උපාධිධාරින් ගුරුභවතුන් ලෙස බඳවා ගැනීමේදී සම්පූර්ණ කිරීමට නියමිතය.
එසේම ඉදිරියේදී ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර ගුරු තුලනයක් කිරීමට ද නියමිත අතර, එමඟින් මෙම පාසල්වල ඌන අතිරික්තතා තුලනය කිරීමට බලාපොරොත්තු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks