පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
525/2020 ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ක්‍රීඩා පාසල් සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායේ නම් කවරේද; (iii) මේ වනවිට එම පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම ක්‍රීඩා පාසල් තවදුරටත් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-05
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 01
(ii) අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
(iii) 48
(ආ) ඔව්.
පියවර රාශියක් ගෙන තිබෙනවා. ඒවායෙන් ප්‍රධාන ඒවා මම දැන් සඳහන් කරනවා.
2020 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් මෙම අමාත්‍යාංශය වෙත ලැබුණු ප්‍රතිපාදන මඟින් ද ක්‍රීඩා උපකරණ සහ නේවාසිකාගාර සඳහා අවශ්‍ය ඇඳන් මෙට්ට ලබාදීමට දැනටමත් කටයුතු කරමින් පවතී.
නව රජයේ "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රීඩා පාසල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මේ වන විට ක්‍රීඩා පාසල් සඳහා පරිපාලනය සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කර ක්‍රීඩා පාසල් පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය විධිමත් කර ඇත.
එමෙන්ම සිසුන් බඳවාගැනීම, ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම, උපදේශක දීමනාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත.
එසේම, දැනට පවතින ක්‍රීඩා පාසල් සමඟ ක්‍රීඩා පාසල් 30ක් වන සේ වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. එම සංවර්ධන වැඩසටහන සඳහා තෝරාගත් පාසල් 30ට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ද ඇතුළත් වේ. 2021 වර්ෂයේ පළමු අදියර යටතේ එම පාසලේ විවිධ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.
පුහුණුව සඳහා මීටර් 130ක කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් දැනටම සැලසුම් කර තිබේ. ඒවා ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks