පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
516/2020 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බිබිල, මොණරාගල පාර, 1 කණුව, මඩමේවත්ත යන ලිපිනයේ පදිංචි පී.වී. වසන්ත රාණි මහත්මිය, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් බිබිල රජයේ ගොවිපොළේ, පළාත් කෘෂිකර්ම ආයතනයේ කම්කරු තනතුරක 2017 වර්ෂයේ නොවැම්බර් සිට 2019 වර්ෂයේ දෙසැම්බර් දක්වා සේවය කර ඇති බවත්; (ii) ඉහත සඳහන් සේවා කාලය තුළ ඇය අඛණ්ඩව දින 180ක් සේවය කර ඇති බවත්; (iii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 29/2019 ට අනුව ඇය ස්ථිර සේවයට හිමිකම් ලබා ඇති බවත්; (iv) නමුත්, 2020 වර්ෂයේ ජනවාරි සිට ඇයගේ සේවය අත්හිටුවා ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) සිය රැකියාව අහිමි වීම නිසා ඉතා අසරණභාවයට පත්ව සිටින වසන්ත රාණී මහත්මිය නැවතත් සේවයේ පිහිටුවීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-18
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පී.වී. වසන්ත රාණි මහත්මිය බිබිල, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට අයත් ගොවිපළේ කන්න සේවා පදනම මත සේවය කළ ගොවිපළ කම්කරු සේවිකාවක වන අතර, දෙපාර්තමේන්තුගත කම්කරු තනතුරක සේවයේ යෙදී නැත.
(ii) නැත.
මෙම සේවිකාව කන්න සේවා පදනම මත බඳවා ගෙන ඇති අතර, කන්න සේවා පදනම මත බඳවා ගත් කම්කරුවන් මසකට දින 15ක් නොඉක්මවන පරිදි සේවයේ යොදවාගෙන ඇත.
(iii) කන්න සේවා පදනම මත බඳවා ගත් කම්කරුවන් මසකට දින 15ක් නොඉක්මවන පරිදි සේවයේ යොදවාගෙන ඇති බැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 අනුව ඇය ස්ථිර සේවයට හිමිකම් කිව නොහැක.
(iv) කන්න සේවා පදනම මත බඳවාගත් සේවකයන් සඳහා වැටුප් ගෙවීම සඳහා වෙන්ව තිබූ ප්‍රතිපාදන 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අවසන් වීම මත කන්න පදනම මත බඳවාගත් සේවකයන්ගේ සේවය 2019.12.27 දින සිට අත්හිටුවීමට සිදු වී ඇත.
(ආ) කන්න සේවා පදනම මත බඳවාගත් සේවකයන් සඳහා වැටුප් ගෙවීම සඳහා මේ වන විට ප්‍රතිපාදන නොමැති බැවින් වසන්ත රාණි මහත්මිය නැවත සේවයේ පිහිටුවීමට දැනට හැකියාවක් නොමැති බව දන්වා සිටිමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks