පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-05
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුමක් සකස් කර ඇත.
(ii) යෝජිත ජාතික පාසල් තෝරා ගැනීම සඳහා උපදෙස් හා නිර්ණායක ඇතුළත් කර අධ්‍යාපන ලේකම්ගේ අංක 03/2020 හා 2020 ජනවාරි 01 දාතමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එය ඇමුණුම මඟින් දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
එම චක්‍රලේඛයේ විධිවිධාන අනුව පළාත් අධ්‍යාපන බලධාරින් විසින් අදාළ පාසල් නිර්දේශ කර පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ලාගේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.
උක්ත චක්‍රලේඛයේ නිර්ණායක හා ගැළපෙන පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇත.
(iii) යෝජිත ජාතික පාසල් තෝරා ගැනීමේදී පාසල් සිතියම්කරණ අභ්‍යාසයක් හරහා කේන්ද්‍රීය පාසල් සහිත පාසල් ජාල හඳුනාගෙන ඇති අතර, සමස්ත පාසල් ජාලයම සංවර්ධනය සඳහා පාසල් පාදක මධ්‍ය කාලීන සැලසුම්වල ගුණාත්මක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
එසේම යෝජිත ජාතික පාසල් සංවර්ධනයට සමගාමීව දැනට ක්‍රියාත්මක වන ජාතික පාසල් 373 සංවර්ධනය සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks