04

E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0489/2020: ජාතික පාසල්: කුරුණෑගල දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 30කි.

              (ii)      ඔව්.

                        කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති ජාතික පාසල්වල නම් ඇමුණුමෙහි** දක්වා ඇත.

(ආ)      ඔව්.

           ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් දක්වා ඉහළ නැංවීමේ වැඩසටහන පහත සඳහන් අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

අදියර 1 : දැනට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක් සඳහා ජාතික පාසල් 123ක් සංවර්ධනය කිරීම.

අදියර 2 : සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි පාසල් 673ක් සංවර්ධනය කිරීම.

පළමු අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි දැනට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක් ඇති අතර, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 සඳහා නව ජාතික පාසල් 09ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.

දෙවන අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ආසන්න වශයෙන් නව ජාතික පාසල් 50ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks