01

E   |     |  

 දිනය: 2021-05-05   පිළිතුර ලබා දී ඇත 

0469/2021: 2015-2020 දක්වා පර්යේෂණ හා නවෝත්පාදන: වෙන් කළ මුදල

----

අසන ලද දිනය

2021-05-05

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2015 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේ මෙම අමාත්‍යාංශයට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු සඳහා වෙන්කරන ලද මුදල පහත පරිදි වේ.

වර්ෂය

අමාත්‍යාංශය මඟින් පර්යේෂණ හා නවෝත්පාදන අංශය වෙත භාණ්ඩාගාර ප්‍රතිපාදන

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතිපාදන (රුපියල් මිලියන)

මුළු ප්‍රතිපාදන (රුපියල් මිලියන)

 

පුනරාවර්තන ප්‍රතිපාදන  (රුපියල් මිලියන)

මූලධන ප්‍රතිපාදන (රුපියල් මිලියන)

 

 

2015

1,500.35

2,256.55

315.00

4,071.90

2016

1,711.51

2,366.74

601.00

4,679.25

2017

1,843.36

3,931.10

548.00

6,322.46

2018

1,888.60

4,808.53

440.00

7,137.13

2019

1,864.82

3,403.88

430.00

5,698.70

2020

1,397.38

1,815.08

190.00

3,402.46

 

(ii) මෙම අමාත්‍යාංශයට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව ඉහත තොරතුරු ඉදිරිපත් කරන අතර, රජයේ අරමුදල් හරහා වෙනත් ක්ෂේත්‍රවලද පර්යේෂණ කාර්යයන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන බැවින් එම වර්ෂයේ සමස්ත අය වැයෙහි ප්‍රතිශතයක් ලෙස ඉහත අගයන් පමණක් දැක්වීම නිරවද්‍ය නොවන බව නිරීක්ෂණය වේ.

(iii) ඔව්.

වර්ෂ 2015 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේදී ලියාපදිංචි කරන ලද නවෝත්පාදන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

(ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ දත්ත අනුව, මෙම අමාත්‍යාංශයට අයත් තොරතුරු පමණක් පහත පරිදි වේ.)

වර්ෂය

හඳුනාගන්නා ලද දේශීය නව නිපැයුම් සංඛ්‍යාව

වාණිජකරණය අංශය යටතේ ඉදිරිපත් වූ නව නිපැයුම් සංඛ්‍යාව

2015

218

10

2016

305

02

2017

400

14

2018

311

04

2019

327

21

2020

538

10

(ආ) (i) පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පහත පරිදි වේ.

දැනට වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධානවලට අනුකූලව නියමිත P 01 ආකෘතිය භාවිත කර ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ පේටන්ට් අයදුම්පතක් ගොනු කළ යුතුය.

        එම  P 01 ආකෘතිය ඇමුණුම මඟින් දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

එහිදී බුද්ධිමය දේපළ පනතේ 71 වගන්තිය ප්‍රකාරව නව නිපැයුම් පැහැදිලිව හා සම්පූර්ණයෙන් විස්තර කරගනිමින් හිමිකම් ද සඳහන් ලේඛනයක් නියමිත ගාස්තුව හා අයදුම්පත සමඟින් ඉදිරිපත් කළ යුතු වේ.

දේශීය අයදුම්පත් පේටන්ට් පරීක්ෂකවරයෙකුට යොමු කර සෝදිසි වාර්තාවක් ලබා ගැනීම සඳහා නියමිත ගාස්තුව සමඟ ඉල්ලීමක් බුද්ධිමය දේපළ කාර්යාලයට ඉදිරිපත් කළ යුතු අතර, විදේශීය අයදුම්පත් සඳහා ජාත්‍යන්තර සෝදිසි අධිකාරියක් - an International Search Authority, ISA - විසින් පිළියෙල කළ සෝදිසි වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නැතහොත් සෝදිසි වාර්තාවක් ලබා ගැනීම සඳහා අයදුම්පත දේශීය පේටන්ට් පරීක්ෂකවරයෙකුට යොමු කිරීම සඳහා නියමිත ගාස්තුව සමඟ ඉල්ලීමක් බුද්ධිමය දේපළ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

නියමිත පරිදි ගොනු කරනු ලබන අයදුම්පත් හා ලේඛන බුද්ධිමය දේපළ පනතේ 62 හා 63 වගන්ති ප්‍රකාරව බුද්ධිමය දේපළ කාර්යාලය විසින් පරීක්ෂා කරනු ලබයි.

ඒ අනුව, නවතාවය නව නිපයුම්කාරී පියවර සහ කාර්මිකව යොදාගැනීමේ හැකියාව යන මූලික විධිමත් අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති විට අයදුම්කරුට දෝෂ පිළිබඳව දන්වනු ලබන අතර, අයදුම්කරු විසින් එම දෝෂ නිවැරදි කළ පසු පේටන්ට් බලපත්‍රයක් ලබාදීමේ හැකියාව පිළිබඳ නැවත පරීක්ෂා කරනු ලැබේ.

ඉහත අවශ්‍යතා සම්පූර්ණ කර ඇති විට පමණක් පේටන්ට් බලපත්‍රය ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය දෙනු ලැබේ. එසේ අනුමැතිය ලද පේටන්ට් අයදුම්පත් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන අතර පේටන්ට් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කර නොමැති නම් එම අයදුම්පත් සඳහා පේටන්ට් බලපත්‍රය ප්‍රදානය කරනු ලැබේ.

දැනට එය ක්‍රියාත්මක වන්නේ වෙළෙඳ අමාත්‍යාංශය යටතේයි.

(ii) ඔව්.

නවෝත්පාදන සිදු කරනු ලබන පර්යේෂකයන් මුහුණ දෙනු ලබන මූල්‍ය දුෂ්කරතා අවම කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

(iii) ඔව්.

පර්යේෂණ සහ නවෝත්පාදන අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබාදෙන ආයතන වන්නේ ජාතික පර්යේෂණ සභාව, ජාතික විද්‍යා පදනම හා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි.

නව නිපැයුම් නවෝත්පාදනය දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් නවෝත්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන පර්යේෂණ කටයුතු, පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සහ අදාළ නවෝත්පාදන තොග නිෂ්පාදනය - product scale up -  සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කරනු ලැබේ. නව නිපැයුම් නවෝත්පාදන සඳහා සංවර්ධනය කිරීමේදී අවශ්‍ය තාක්ෂණික, අළෙවි සහ මූල්‍යමය සහාය ලබාදීමේ අරමුණින් "නව නිපැයුම් දිරිය" නමින් ප්‍රදානයක් ද මෙම ආයතනය මඟින් හඳුන්වා දී තිබේ.

නවෝත්පාදන සඳහා වන පර්යේෂණ අවශ්‍යතා වෙනුවෙන් නව නිපැයුම්කරුවන් විවිධ ආයතන වෙත යොමු කිරීමටත්, ඒ සඳහා වන පිරිවැය කොමිසම විසින් දැරීමටත් කටයුතු කරන අතර, අදාළ ආයතන විසින් නව නිපැයුම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට දක්වන්නා වූ ප්‍රතිපෝෂණය පිළිබඳව පසුවිපරම් කිරීමේ වැඩ පිළිවෙළ විධිමත් කර ඇත.

එසේම අදාළ පර්යේෂණයන්ගේ සාර්ථකත්වය මත එම නව නිපැයුම් වාණිජකරණය සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සවිමත් කර ඇති අතර, මේ වන විට ද එමඟින් බොහෝ නව නිපැයුම්කරුවන්‍ට ප්‍රතිලාභ අත්වී ඇත. 2020/2021 වසර සඳහා පමණක් "නව නිපැයුම් දිරිය සහ Innovation Accelerator Funding Mechanism for Sri Lanka ( IAFM-SL)" වැඩසටහන් ද්විත්වය යටතේ නව නිපැයුම් 50ක සංඛ්‍යාවක් සඳහා තාක්ෂණික සහ‍යෝගය ලබාදීමට කටයුතු කර ඇත.

මෙම වසර තුළදී පමණක් පර්යේෂණ හා තාක්ෂණික සහයෝගය ලබාදීම මඟින් සාර්ථකත්වයට පත්වන අලි-මිනිස් ගැටුම අවම කිරීමට නවීකරණය කළ "විදුලි වැට" -අලිවැට- පද්ධතිය නවෝත්පාදන විසඳුම යටතේ, ඉහළ ආදායම් උපදවන ව්‍යවසායකයන් පස්දෙනෙකු බිහි කිරීමට හැකියාව ලැබී ඇත. තවද, "Zero to Hero" වැඩසටහන යටතේ නවෝත්පාදන පර්යේෂණ අවශ්‍යතා සපුරාලන ලද නිපැයුම් සඳහා තාක්ෂණික සහයෝගයන් ලබාදෙමින් ඒවා ආරම්භක ව්‍යාපාර - start-ups -  දක්වා ගෙන ඒමේ ක්‍රම‍වේදයක් ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම නව නිපැයුම්කරුවන්හට සිය පර්යේෂණ අවශ්‍යතා සඳහා සහයෝගය ලබාගැනීම වෙනුවෙන් "From Innovation To Impact (FITI)" නමින් වැඩසටහනක් වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය - Sri Lanka Association for the Advancement of Science ( SLAAS) - එක්ව සංවිධානය කරනු ලබයි.

ජාතික පර්යේෂණ සභාව සහ ජාතික විද්‍යා පදනම මඟින් වාර්ෂිකව අයදුම්පත් කැඳවීම මඟින් පර්යේෂණ සඳහා මූල්‍යාධාර සැපයීම සිදු කරයි. ජාතික පර්යේෂණ සභාව මඟින් ඉලක්කගත දිශානත බහුකාර්ය පර්යේෂණ ප්‍රදාන -Target-oriented Multidisciplinary Research Grants - පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන - Private-Public Partnership Programme - හා විමර්ශන ප්‍රදාන - Investigator-driven Research Grants - ලෙස ආකාර තුනකින් පර්යේෂණ ප්‍රදාන සිදු කරන අතර, ජාතික විද්‍යා පදනමෙන් සිදු කරන තාක්ෂණ ප්‍රදාන යෝජනා ක්‍රමය -  Technology Grants - යටතේ, රාජ්‍ය නොවන ආයතනවල සහ පෞද්ගලික අයදුම්කරුවන්ට මූල්‍යාධාර ලබාදීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.

එමෙන්ම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පර්යේෂණ ආයතන මඟින් සිදු කරන පර්යේෂණ ප්‍රතිඵල වාණිජකරණය සඳහා කටයුතු කිරීමට අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතී. ඒ සඳහා වන විද්වත් කමිටුවක් මඟින් ලැබෙන නිර්දේශ මත වාණිජකරණය සඳහා අදාළ ආයතන වෙත මූල්‍යාධාර ලබාදීමක් සිදු කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks