01

E   |     |  

 දිනය: 2021-07-09   පිළිතුර ලබා දී ඇත 

0466/2021: 2015-2019 දක්වා උත්පාදිත රැකියා සහ විරැකියා අනුපාතය: විස්තර

466/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වර්ෂ 2015 සිට 2019 දක්වා වූ එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ උත්පාදනය වූ නව රැකියා  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)      ඉහත එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  2014 වර්ෂයට සාපේක්ෂව ඉහත කාලය තුළදී සිදු වූ විරැකියා අනුපාතයේ වෙනස කවරේද; 

  (iv)  වර්ෂ 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ දිගුකාලීන නිෂ්පාදන ධාරිතාවයේ සිදු වූ වෙනස කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-07-09

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       රාජ්‍ය අංශයේද, පෞද්ගලික අංශයේද යන්න පැහැදිලි නොවේ.

                        නමුත්, අපට මූලික වශයෙන් රාජ්‍ය අංශය පිළිබඳව තොරතුරු ලබා දෙන්න පුළුවන්, ගරු මන්ත්‍රීතුමනි.

                        රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් ලබා ගන්නා තොරතුරු අනුව 2015 සිට 2019 වර්ෂය දක්වා කාල සීමාව තුළ රාජ්‍ය අංශය තුළ සිදු කර ඇති බඳවා ගැනීම් සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

සේවා ගණය

 

2015

2016

2017

2018

2019

ශ්‍රී ලංකා  පරිපාලන සේවය

විවෘත

172

-

104

-

175

 

සීමිත

45

-

28

-

46

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය

විවෘත

2,677

395

1,050

4,127

1

 

සීමිත

-

1,251

-

1,300

8

 

අධි ශ්‍රේණිය

-

278

-

-

279

රජයේ භාෂා පරිවර්තක සේවය

 

69

27

-

-

-

ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති

 

-

-

-

33

13

තොරතුරු තාක්ෂණ සේවය

 

-

2 (II) - 134 3 (III) - 83

1 (III) - 31  2 (II) - 04  3 (III) - 17

1 (III) - 09

1 (III) - 5  2 (II) - 90  3 (III) - 408

සංවර්ධන නිලධාරි සේවය

 

794

-

1,922 පුහුණු - 23

-

-

කාර්යාල සේවක සේවය

 

982

1,009

936

1,076

1,273

රියැදුරු සේවය

 

270

270

379

143

209

 

වර්ෂය

 

2014

2015

2016

2017

2018

2019

සේවා වියුක්ති අනුපාතිකය (%)

4.3

4.7

4.4

4.2

4.4

4.8

(ii) 

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව,           ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය

 

 

(iii)   2014 වසරේදී සේවා වියුක්ති අනුපාතිකය සියයට 4.3ක් වූ අතර, එය 2019 වසරේදී සියයට 4.8ක් දක්වා ඉහළ යන ලදී. 2015 සිට 2019 වසර දක්වා කාලය තුළ සේවා වියුක්ති අනුපාතිකය, 2014 වසරේදී වාර්තා වූ සියයට 4.3ට වඩා වැඩි වූ අතර, 2017 වසරේ පමණක් සේවා වියුක්ති අනුපාතිකය සියයට 4.2 දක්වා පහත වැටුණි.

(iv) දිගුකාලීන නිෂ්පාදන ධාරිතාව නිල වශයෙන් ඇස්තමේන්තු කරනු නොලැබේ. කෙසේ වුවද, යම්කිසි කාල සීමාවක් තුළදී යම් ආර්ථිකයක සිදු කරන ලද අවසන් නිෂ්පාදනයෙහි (භාණ්ඩ හා සේවා) වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) මඟින් ඇස්තමේන්තු කරනු ලබන අතර, අනුරූප කාල පරිච්ඡේද දෙකක් තුළ ස්ථාවර මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලබන දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතාත්මක වෙනස මඟින් ගණන‍ය කරනු ලබන "ආර්ථික වර්ධන වේගය" එම කාලය තුළ ආර්ථිකයේ ප්‍රගතිය මැනීමට භාවිත කළ හැකිය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව, 2015-2020 අතර වසර පහක කාලය තුළ දී 2010 ස්ථාවර මිල යටතේ ඇස්තමේන්තු කළ දළ දේශීය නිෂ්පාදිතය 2015 වසරේදී වාර්තා කළ රුපියල් බිලියන 8,648 සිට 2020 වසරේදී රුපියල් බිලියන 9,531ක් දක්වා ඉහළ යන ලදී.

2015 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5කින් වර්ධනය වුවද, ඉන් අනතුරුව ආර්ථික වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වී ඇත. ඒ අනුව 2016, 2017, 2018 සහ 2019 වසරවලදී ආර්ථිකය පිළිවෙළින් සියයට 4.5, සියයට 3.6, සියයට 3.3 සහ සියයට 2.3කින් වර්ධනය විය. 2020 වසරේදී COVID -19 වසංගතය හේතුවෙන් ආර්ථික කටයුතු කෙරෙහි ඇති වූ අවහිරතා හමුවේ ආර්ථික වර්ධනයෙහි සියයට 3.6ක පහත වැටීමක්  දක්නට ලැබුණි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks