04

E   |     |  

 දිනය: 2021-01-21   පිළිතුර ලබා දී ඇත 

0451/2021: මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය: අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය සැපයීම

----

අසන ලද දිනය

2021-01-21

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්, මේ වන විට මොරගහකන්ද ජලාශයෙන් ඇළහැර මින්නේරිය යෝධ ඇළ මඟින් මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ කන්තලේ ජලාශ සහ පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය ලබා දෙන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට හා වයඹ පළාතට ජලය ලබා දීම සඳහා උතුරු මැද මහ ඇළ සහ වයඹ මහ ඇළ ව්‍යාපෘති ඉදිකරමින් පවතී.

(ආ)     ඔව්, දැනටමත් අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය සැපයෙන උතුරු මැද මහ ඇළෙහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත. උතුරු මැද මහ ඇළෙහි සියලු ඉදි කිරීම් කටයුතු 2024 වර්ෂයේ අවසාන භාගයේදී අවසන් කර අනුරාධපුර දිස්ත්‍රික්කයට අවශ්‍ය පානීය හා වාරි ජලය ලබා දීමට සැලසුම් කර ඇත.

 (ඇ) (i) ඔව්, උතුරු මැද මහ ඇළෙහි යකල්ල ප්‍රදේශයේ ඉදිකරන බෙදුම් නිර්මිතය මඟින් හුරුළු වැව හා මහකනදරාව දක්වා ජලය සැපයීමට සැලසුම් කර ඇත.

(ii) දැනටමත් මෙම ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ක්‍රියාමාර්ග ගන්නා අතර, 2024 වර්ෂයේ අග භාගයේදී ඉහත ජලාශවලට ජලය ලබා දීමට අපේක්ෂා කෙරේ.

නිදහසින් අවුරුදු 73කට පසුව 2021.02.05වන දින වැඩ කටයුතු ආරම්භ කළා. කිලෝමීටර 28ක උමඟ තැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. 

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-04-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks