01

E   |     |  

 දිනය: 2020-10-22   පිළිතුර ලබා දී ඇත 

0449/2020: බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්: විස්තර

449/2020

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සමාජයේ ඉමහත් කතිතාවකට ලක් වු බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ස්ථාපිත කළ දිනය;

             (ii)      ඒ සඳහා මුදල් වැය කළ පුද්ගලයින් හා ආයතනවල නම්;

           (iii)      එහි පාලක මණ්ඩලයේ සිටි පුද්ගලයින්ගේ නම්;

(iv) එම ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ පාඨමාලා සංඛ්‍යාව;

(v) එම පාඨමාලාවල නම්;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරට ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කර තිබූ බව එතුමා දන්නෙහිද?

(ඇ) ඉහත ආයතනය සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කවරේද යන්නත් එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      "බැටිකලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ්" වගකීමෙන් සීමාසහිත සමාගමක් වශයෙන් 2016.02.29 දින සංස්ථාගත කර ඇත.

              (ii)      ආයතනයේ කොටස්වලින් සියයට 90ක ප්‍රමාණයක් හීරා පදනමට සහ සියයට 10ක කොටස් ප්‍රමාණයක් අහ්මඩ් හිරාස් හිස්බුල්ලාහ් යන අයට අයත්ය.

             (iii)      මොහොමඩ් ලෙබ්බේ අලීම් මුහම්මඩ් හිස්බුල්ලාහ්

අහමඩ් හිරාස් හිස්බුල්ලාහ්

ආචාර්ය එස්.එම්. මොහමඩ් ඉස්මයිල්

හකීම් අබුබාකර් (මොහොමඩ් අබුබකර් මොහමඩ් හකීම්)

කේ.එම්.එච්. අක්බර්

  පින්සියා සරෝජනීදේවී මන්මතරාජ් චාර්ල්ස්

ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත

ඉංජිනේරු එස්.එම්. සිදීක්

(iv) 18කි.

(v) 1. Bachelor of Science in Civil Engineering

2. Bachelor of Science in Electrical and Electronic Engineering

3. Bachelor of Science in Mechanical Engineering

4. Bachelor of Science in Information Technology

5. Bachelor of Science in Quantity Surveying

6. Bachelor of Science in Travel, Event and Hospitality Management

7. Bachelor of Science in Islamic Banking and Finance

8. Bachelor of Science in Agriculture Technology and Resource Management

9. Bachelor of Laws

10. Bachelor of Arts in Sharia and Islamic Studies

11. Civil Engineering

12. Mechanical Engineering

13. Electric and Electronic Engineering

14. Quantity Survey

15. IT

16. Law

17. Agricultural

18. Tourism

(ආ)    පාඨමාලා අතර, "Bachelor of Arts in Sharia and Islamic Studies" යනුවෙන් පාඨමාලාවක් ඇත.

(ඇ) උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

උපාධි පිරිනැමීමට අපි එම ආයතනයට කිසිම බලයක් පවරන්නේ නැහැ. අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප  කර තිබෙනවා.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks