01

E   |     |  

 දිනය: 2011-03-24   පිළිතුර ලබා දී ඇත 

0924/2011: Norochchole Power Plant

0924/’10

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)      නොරොච්චොලේ ගල් අඟුරු තාප විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැයෙන්  දේශීය හා විදේශීය වශයෙන් සපුරාගන්නා   ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන්;

(ii) මෙම ව්‍යාපෘතිය සදහා අරමුදල් ලැබෙන මාර්ග;

(iii) සම්පූර්ණ පිරිවැය ප්‍රමාණයෙන් ණය මුදල් වශයෙන් ලැබෙන ප්‍රමාණය;

(iv) ණය මුදල් ප්‍රදානය කරනු ලබන රටවල්;

           (v)     එම ණය මුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලී ප්‍රමාණය සහ ණය මුදල් පියවීමේ කාල සීමාව;

(vi) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට ගතවන කාල සීමාව;

කවරේද යන්න එතුමා‍ මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නා ක්‍රම‍වේදය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-03-24

අසන ලද්දේ

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks