පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
431/2020
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගය මේ වනවිට ඉදිකරමින් පවතින බවත්;
(ii) එම අධිවේගී මාර්ගයේ කොටසක් අලව්ව හා නාරම්මල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හරහා ඉදිකරන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ඉහත ප්‍රදේශවල ජීවත්වන පවුල්වලින් අත් කරගත් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම අත් කර ගැනීම් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ප්‍රදානය කර තිබේද;
(iii) නොඑසේ නම්, සාධාරණ වන්දි මුදලක් ප්‍රදානය කිරීම සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-06
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පිළිගනිමි.
(ii) පිළිගනිමි.
(ආ) (i) හෙක්ටෙයාර 144.63කි.
(අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටෙයාර 42.36ක් හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටෙයාර 102.27ක් වශයෙන්)
(ii) ඔව්.
ඉඩම් අත්කර ගැනීමේ පනත සහ අංක 1864/54 දරන 2014.05.30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත නියෝග අනුව අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්කර ගත් දේපළ සඳහා රුපියල් මිලියන 359.92ක් ලෙස ගෙවා ඇති අතර, කැබලි 06ක් සඳහා ගෙවීමට ඇත. නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්කර ගත් දේපළ සඳහා රුපියල් මිලියන 1,204.20ක් වන්දි මුදල් ලෙස ගෙවා ඇති අතර, කැබලි 13ක් සඳහා ගෙවීමට ඇත.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks